පොහොට්ටුව දිනපු දවසේ ලෙලුම් රත්නායක නෙළුම් අතේ තියාගෙන කරපු වැඩේ - (photos)

ලෙලුම් රත්නායක ගැන නොදන්න කෙනෙක් නැතිතරම්. ප්‍රවීණ සංගීත ශිල්පී ආචාර්ය වික්ටර් රත්නායක මහතාගේ පුත් ලෙලුම් රත්නායක සංගීත ක්ෂේත්‍රයේ නමක් දිනාගත් කා අතරත් ජනප්‍රිය චරිතයක්. පසුගියදා ඔහු පිළිබඳව නිතර නිතර පුවත් මැවුණා.

කාලයක් නිහඬව ඉඳපු ලෙලුම් ඊයේ කරපු දෙයක් නිසා සමාජ මාධ්‍ය ඒ
ගැන කතාකරන්න අරගෙන.

ඒ නෙළුම් මල් කිහිපයක් අතින් ගත් ඡායාරූපයක් ඔහුගේ මුහුණු පොතේ පළකිරීමයි.

කෙසේ වෙතත් මෙවර පළාත් පාලන මැතිවරණය නිමා වුණේද ඊයේ දිනයේදීයි.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කරපු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේද ලාංඡනය වන්නේ නෙළුම් පොහොට්ටුවයි.

පළාත් පාලන මැතිවරණයේදී දිවයිනේ පළාත් පාලන ආයතන 340 ක් අතුරින් 239 ක බලය තහවුරු කරගනිමින් අති විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකර ගැනීමටද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා.

කෙසේ වෙතත් මෙම ඡායාරූපයට එක් එක් අය විවිධ මත ඉදිරිපත් කර තිබුණා. ඒවාට ලෙලුම් කිසිම ප්‍රතිචාරයක් දක්වා තිබුනේ නැහැ. එම ඡායාරූපය පහතින්