පාසලේ ළමුන් සමඟ එකතු වී ගුරුවරයෙක් 3 වසරේ සිසුවෙකුට කරපු නොහොඹිනා වැඩේ - (Video)

කුරුණෑගල - මාවතගම - සාමෝදය මධ්‍ය මහා විද්‍යාලයේ තුන්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට ගුරුවරයෙකු ඇතුළු තවත් සිසුන් කිහිපදෙනෙක් එක්ව අමානුෂික ලෙස පහරදීමේ පුවතක් වාර්තා වුණා.

සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ගුරුවරයා එම ප්‍රදේශයෙන් පලාගොස් තිබෙන අතර ඔහු අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ කටයුතු කරන බවයි මාවතගම පොලීසිය සදහන් කළේ.

ගුරුවරයාගේ උපදෙස් මත උණභටයක දම්වැලක්
ආධාරයෙන් බැද මෙම සිසුවාට පන්තියේ අනෙකුත් සිසුන් පහරදී තිබුණේ පෙරේදා දිනයේදීයි.

මේ සම්බන්ධයෙන්  පළාත් අධ්‍යාපන බලධාරින්ගෙන් කැදවූ වාර්තාව ලබන සදුදා ලැබීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කියා සිටියා.