කුමාර් සංගක්කාර දේශපාලනයට, මෙවර මැතිවරණයෙදී ඡන්දය දිය යුත්තේ කාටදැයි පළමු වරට ප්‍රකාශ කරයි - Photos

එළෙඹෙන පළාත් පාලන මැතිවරණය සම්බන්දයෙන් හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර සිය අදහස් පළකර තිබෙනවා. Twitter පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පවසා ඇත්තේ මෙවැන්නක්.'

" ඔබ ලංකාවේ කොහේ ජීවත් වුනත් ලබන 10වෙනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී මතක තබා ගත යුතු කරුණක් තිබෙනවා. නරක පුද්ගලයින් තෝරාපත් නොකිරීමට වගබලා ගන්න. හොද
පුද්ගලයින් විසින් නරක පුද්ගලයින් තේරීමෙන් වලකින්න."

ඇමෙරිකානු 6වන ජනාධිපති John Quincy Adams මහතා විසින් පැවසූ පාඨයක් උදාහරණයට ගනිමින් සංගක්කාර  මේ බව තවත් පැහැදිලි කර තිබෙනවා.

මේ අනුව සංගක්කාර මෙවර මැතිවරණයේදී හොඳ පුද්ගලයින් තෝරාගැනීම සදහා සිය නායකත්වය ලබාදීමට ඉදිරිපත්වී සිටීම යහපත් කරුණක් බවයි බොහෝ දෙනාගේ අදහස.