දෑවැද්ද නොදුන් නිසා බිරිදගේ වකුගඩුව සොරාගත් පාපතරයන්ගේ අමුතුම ක්‍රියාන්විතය අවසන් වූ හැටි

විවාහයට පෙර පොරොන්දු වූ පරදි නිසි ආකාරව දෑවැද්ද නොලැබීම හේතුවෙන් සිය බිරිඳගේ වකුගඩුවක් සොරකම් කළ පුද්ගලයෙක් පිළිබද පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

බටහිර බෙංගාල ප්‍රාන්තයේ ජීවත් වන රීටා සකාර් නමැති 28 හැවිරිදි කාන්තාවගේ සැමියා විසින් මෙම සොරකම සිදුකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.


සිද්ධියට අදාලව කාන්තාවගේ සැමියා සහ මස්සිනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල කාන්තාව කලක සිටි පැවති උදරාබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට පෞද්ගලික රෝහලකට ගිය අවස්ථාවේදී රෝහලෙන් පවසා ඇත්තේ උණ්ඩක පුච්ඡ ප්‍රධාහය (Appendix) පවතින හේතුවෙන් සැත්කමක් කළ යුතු බවටයි.

ඒ අනුව ඇයට සැත්කමක් සිදුකර ඇති අතර එම සැත්කම පිළිබඳව කිසිවෙකුටත් නොකියන ලෙසට සැමියා විසින් ඇයට තර්ජනය කර තිබෙනවා.

එම සැත්කමේදී ඇයගේ වකුගඩුවක් හොර රහසේම ඉවත්කරගෙන ඇති බව සඳහන්.

සැත්කමෙන් පසුවත් ඇයගේ රෝගී තත්වයේ වෙනසක් දක්නට නොලැබුණු අතර පසුව සිදුකළ වෛද්‍ය පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ කාන්තාවගේ දකුණු වකුගඩුව ඉවත්කර ඇති බවටයි.

කාන්තාව විසින් මේ සම්බන්ධයෙන් කරුණු දැනගත් පසු පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර එහිදී සැකකාර සැමියා සහ ජාවාරමට උදව්කළ මස්සිනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දෑවැද්ද වෙනුවෙන් බෙංගාලි රුපියක් ලක්ෂ 02ක මුදලක් ලබා දීමට විවාහයට පෙර පොරොන්දු වුවද එම මුදල බිරිඳගේ ඥාතීන් විසින් නිසි ආකාරව ලබා නොදීම හේතුවෙන් බිරිඳගේ වකුගඩුව විකුණා මුදල් ලබාගත් බව පොලිසිය කළ ප්‍රශ්ණ කිරීම් වලදී අනාවරණය වී තිබෙනවා.