59 හැවිරිදි නැන්දම්මා , ලේලිය සමග රහසේම කරගෙන ගිය සුපිරි ජාවාරමක් මෙන්න

තම ලේලිය සමග සෙනග තද වන ස්‌ථානවලට සහ සුපිරි වෙළෙඳ සල් තුළට ගොස්‌ කාන්තාවන්ගේ අත්බෑග් කපා මුදල් සොරකම් කිරීමේ යෙදුණු කාන්තාවක්‌ ගාල්ල පොලිසිය විසින් පෙරේදා 3  අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇල්පිටිය ගණේගොඩ ගුරුවාමුල්ල
මඩේවත්ත ප්‍රදේශයේ පදිංචි පනස්‌නම හැවිරිදි කාන්තාවක්.

ගාල්ල නගරයේ සුපිරි වෙළෙඳ සලක්‌ තුළදී කාන්තාවකගේ අත් බෑගයේ තිබූ රුපියල් අසූපන්දහසක්‌ සොරකම් කිරීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූ පොලිසිය මෙම සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වඳුරඹ පොලිස්‌ බල ප්‍රදේශයේද කරන ලද මෙවැනි සොරකම් සම්බන්ධයෙන් අවශ්‍යවී සිටින තැනැත්තියක්‌ බවත් පොලිසිය පවසනවා.

සැකකාරිය සමග තවත් කාන්තාවක්‌ පැමිණ ඇති අතර ඇය සැකකාරියගේ තුන්වන පුතාගේ බිරිඳ බවත් ලේලිය සමග ගොස්‌ මෙසේ සොරකම් කිරීම සිදුකර ඇති බවත් ඒ සඳහා පුතාගේ උදව් ලැබී ඇති බවත් පොලිස්‌ පරීක්‍ෂණවලදී වැඩිදුරටත් අනාවරණයවී ඇති බවයි පැවසෙන්නේ.

සැකකාරිය පවසා ඇත්තේ තමාට ලැබුණේ සොරකම් කරනලද මුදලින් රුපියල් විසිපන් දහසක්‌ පමණක්‌ බවයි.

ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ උ.පො.ප. වරුන්වන ඒ.එම්.එම්. පෙරේරා, එම්. නිමල්, සැරයන් මහිලාල් (20484) යන අය විසින් සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා..