ධනංජය ළඟ පුදුම පහනක් ! (video)

"ඇලඩින් සහ පුදුම පහන" සිනමාපටයේ මාධ්‍ය දැක්ම පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමාශාලාවේදී පැවැත්විණි.

මෙය සුමිත් කුමාරගේ අධ්‍යක්ෂණයක් වන අතර ප්‍රසාද් විජේසූරියගේ නිෂ්පාදනයකි.

ධනංජය සිරිවර්ධන, උදාරි වර්ණකුලසූරිය, නෙතූ ප්‍රියංගිකා , ඩී . බී
ගංගොඩතැන්න ඇතුළු නළු නිළියන් රැසක් මේ සඳහා රංගනයෙන් දායක වේ. ධනංජය සිරිවර්ධන මෙහි ඇලඩින්ගේ චරිතයට පණ පොවයි.

අරාබි නිසොල්ලාසයේ එන "ඇලඩින් සහ පුදුම පහන" කතාව තේමා කර ගනිමින් මෙහි තිරපිටපත නිර්මාණය කර ඇති අතර නවීණ තාක්ෂණ ක්‍රමවේදයන් යොදා ගනිමින් නිෂ්පාදනය කර තිබේ.