වෙබ් චැනල් රැල්ලෙන් අලුත් දෙයක් කරන චරක

අද ජාතික නාලිකා වලට වඩා ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වෙලා තියෙන්නේ වෙබ් නාලිකා. ගොඩක් දුරට අද තරුණ පරම්පරාව වගේම මැදිවියේ වෙසෙන පරම්පරාවත් අන්තර්ජාලය සමග වැඩිවෙලාවක් ගතකරණ නිසා වෙන්න ඇති වෙබ් නාලිකා රැල්ල ව්‍යාප්ත වෙලා තියෙන්නේ. වෙබ් ටී වී වගේම වෙබ් රේඩියෝ නාලිකා වලින් අද තරුණ පරම්පරාවේ අය කළා නිර්මාණ වලින් අලුත් දෙයක් කරන්න උත්සාහ කරනවා.

අද ජාතික නාලිකා අභිබවා යමින් දුවන මේ වෙබ් නාලිකා රැල්ල ගැන විමසීමක් කරද්දී හොට්  නිවුස් අපිට හමුවුනා වෙබ් නාලිකා වලින් අලුත් දෙයක්
වගේම විශේෂ දෙයක් කරන්න හදන පුද්ගලයෙක්. රන්බිම වෙබ් ටී වී එකෙනුයි දියත වෙබ් රේඩියෝ එකෙනුයි මොකක්ද මේ කරන විශේෂ දෙය කියල අපි ඔහුගෙන්ම විමසීමක් කරා. මේ ඔහු අපිත් සමග අදහස් දැක්වූ අයුරු.

චරක මොකක්ද මේ කරන විශේෂ දේ ?

ඇත්තටම අද ප්‍රේක්ෂකයන් ජාතික නාලිකා වලට වඩා නරඹන්නේ සවන්දෙන්නේ වෙබ් නාලිකා වලට. දවසේ තියෙන වැඩ කන්දරාවත් එක්ක මිනිස්සුන්ට අද ටී වී බලන්න වෙලාවක් නෑ. යන එනගමන් ජංගම දුරකතනයෙන් හරි ටැබ් එකෙන් හරි යු ටියුබ් එකෙන් සින්දුවක් බලනවා, නාට්‍යයක් බලනවා එහෙම නැත්නම් වෙබ් රේඩියෝවක් දාගෙන සින්දු අහනවා. ඒ නිසා අපිත් හිතුවා මේ වෙබ් ටී වී සහ වෙබ් රේඩියෝවලින්  මිනිස්සුන්ට අලුතෙන් විශේෂ දෙයක් දෙන්න ඕනේ කියලා. ඒ නිසාම අපි රන්බිම වෙබ් ටී වී හරහා සම්ප්‍රදායෙන් ඔබ්බට කියලා වැඩසටහනක් පටන් ගත්තා කලාකරුවෙක් සමග සම්ප්‍රදායෙන් ඔබ්බට කතාකරන්න. සම්ප්‍රදායෙන් ඔබ්බට කතාකරනවා කියන්නේ සාමාන්‍ය තොරතුරු වලින් එහාට ගිහින් බොහොම විවෘත්තව කතාකිරීම. ඒ වගේම දියත වෙබ් රේඩියෝව තුලින් කලාකරුවකු සමග පැයක් කියන වැඩසටහන එක්ක මම මේ ලංකාවේ අද ප්‍රසිද්ධ ප්‍රසිද්ධ නැති දන්න දන්නේ නැති කලාකරුවන් සමග කතාකරලා ඔවුන්ව නව පරපුරට හඳුන්වාදීමේ වැඩසටහනක් කරනවා.

ඔබ සඳහන් කළා රන්බිම ටී වී සහ දියත රේඩියෝ කියලා  වෙබ් නාලිකා දෙකක් . අපිට ඒ ගැන විස්තර ටිකක් කියන්න.?

ඇත්තටම රන්බිම ටී වී කියන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ක්‍රියාවෙන වෙබ් නාලිකාවක්. චැඩ් තන්ත්‍රිගේ මහතාගේ අධ්‍යක්ෂණයෙන් තමයි මේ වෙබ් නාලිකාව ක්‍රියාත්මක වෙන්නේ. ගොඩක් දුරට ලංකාවෙන් එතෙර රටවල් වල ගිහින් ඉන්න ශ්‍රී ලාංකිකයෝ හරිම ආසයි ප්‍රබුද්ධ කලාකරුවන්ගේ විස්තර දැනගන්න, ඔවුන්ව ඉදිරියට නාලිකාවල දකින්න. ඒ දේ අපිට වෙබ් නාලිකා තුලින් නිදහසේ කරන්න පුළුවන් දෙයක්. ඒ වගේම විවෘත්තව කතාකරන්න පුළුවන්.

දියත රේඩියෝ කියන්නේ කුරුනෑගල ප්‍රදේශයේ  ඇත්තටම කලාවට ආසා කරන සහෘදයන් පිරිසක් විසින් ආරම්භ කරලා රටට දෙයක් කරන්න වෙර දරන වෙබ් රේඩියෝ නාලිකාවක්. දුෂ්‍යන්ත කුමාරසිංහ සහ සදුසංක බණ්ඩාර කියන අධ්‍යක්ෂකවරයන්ගේ අදීක්ෂණයෙන් තමයි මේ නාලිකාව ක්‍රියාත්මක වෙන්නේ. ඇත්තටම අපි ඒ නාලිකාවේ කලාකරුවෙක් සමග පැයක් කියන වැඩසටහනෙන් කතාකරන්නේ විශාල පරපුරවල් ගණනාවක් බිහිකරපු වගේම නිර්මාණ විශාල සංක්‍යාවකට දායක වුනු කලාකරුවන් සහ නව රැල්ලත් එක්ක සම්බන්ද වෙලා ඉන්න කලාකරුවන් ගැන.

විශේෂයෙන් මේ වෙබ් නාලිකා වලට සවන්දෙන්නේ ගොඩක්ම අපේ රටින් පිටව ගොස් වෙනත් රටවල් වල ඉන්න ශ්‍රී ලාංකිකයෝ. ඉතින් ඔවුන් කැමතියි මේ වගේ සංකල්ප වලට

ඔබ මේ කරන්නේ ජාතික නාලිකා අභිබවා ගිහින් වෙබ් රේඩියෝ නාලිකා රැල්ලට රටේ ප්‍රබුද්ධ කලාකරුවන් හසු කරගැනීමක්ද ?

ඇත්තටම නෑ. අපිට එහෙම කරන්නත් බෑ. මොකද ඔබ ඔය රැල්ල කියලා හඳුන්වපු දේ තමයි  ප්‍රේක්ෂකයන් අතර යථාර්තයක් වෙලා තියෙන්නේ. මොකද අපි කලාකරුවෙක් සමග කාරණයක් කතාකරද්දී ඔවුන් අපේ රටේ කලාව ගැන, පහසුකම් ගැන මෙන්ම එදා සහ අද ගැන විවෘත්තව කතාකරනවා. ඉතින් එදා වගේ නෙමෙයි අද. ප්‍රේක්ෂකයොත් කැමතියි  විවෘත්තව කතාකරන දේවල් අහන්න. ඒ නිසා මම වගකීමෙන් යුතුව කියනවා අපිත් සමග අපේ නාලිකාවලට සම්බන්ධ වෙලා අදහස් බෙදාගන්න අපේ රටේ ආදරණීය කලාකරුවන් බොහොම කැමැත්තෙන් තමයි අපිත් සමග එකතුවෙන්නේ.

ඔබ වෘත්තියෙන් වෙනස්ම ක්‍ෂේත්‍රයක  ඉන්නේ . ඇයි මේ මාධ්‍ය කටයුතු සමග ඉතා ඕනෑකමින් සම්බන්ධවෙලා ඉන්නේ. ?

සෑම වෘත්තියක්ම කලාවක්. එය නාට්‍ය හෝ වේවා, ගීත ගායනා කිරීම හෝ නර්තනය පමණක් නොවෙයි වාහනයක් පැදවීමත් කලාවක්. ඒ සෑම දෙයක් තුළම මාධ්‍ය කියන දේ තියනවා. ඇත්තටම කලාවත් සමග සම්බන්ධව වැඩකිරීම සහ මාධ්‍ය කටයුතුවල නිරතවීම මමනම් දකින්නේ ජීවිතයේ සැනසිල්ලක් කියලා.  ඒ අතර අපේ රටේ නිහතමානි කලාකරුවන් සමග සම්බන්ද වෙලා ඔවුන්ව ලෝකයකට අරන් යන්න පුළුවන්වීම සහ එවැනි සේවයක් ඒ අදරනීයයන් වෙනුවෙන් කරන්න ලැබීම ගැන මම පෞද්ගලිකව සන්තෝසයට පත්වෙනවා.මොකද වෙබ් නාලිකාවක් කියන්නේ අපේ රටේ පිරිස පමණක් නෙමෙයිනේ මුළු ලෝකයක් නරඹනවා සවන්දෙනවා.

ඔබ මේ ගමන යන්නේ තනියමද ? ගුරු හරුකම් දෙනවද කව්රුත් ?

ඔව් දෙමව්පියන්ගෙන් ලැබුණු මේ අභාෂය මට ප්‍රගුණ කරගෙන යන්න ගොඩක් ක්ෂේත්‍රයේ අය ගුරු හරුකම් දෙනවා. ඒ දේවල් නිහතමානීව පිලි අරගෙන යනකොට සියලු දේවල් සාර්ථක කරගැනීමේ හැකියාවක් තියනවා.විශේෂයෙන් රන්බිම වෙබ් ටී වී නාලිකාවේ සම්ප්‍රදායෙන් ඔබ්බට කියලා කලාකරුවන් සමග කරන වැඩසටහන ඕනෑකමින් නරඹන අය  තමයි ලක්ෂ්මි දමයන්ති කියන රංගන ශිල්පිනිය, කිත්සිරි ජයසේකර අපේ ගායකයා. ඔවුන්  නිතරම අඩුපාඩුකම්, ඉදිරියට කතාකලයුතු දේවල් වගේම කතාකලයුතු පිළිවෙල පවා මට යම් අවස්තාවලදී පෙන්වලා දෙනවා.ඒ වගේම දියත වෙබ් රේඩියෝවට සවන් දෙන ගීත රචකයන්, ලේඛිකාවන් වගේම පිට රටවල ඉන්න ගොඩක් පිරිස් අපිව අගය කරනවා. ඒ දේවල් ශක්තියක් කරගෙන තමයි මේ ගමන යන්නේ. ඇත්තටම මේ යන ගමන තනි ගමනක් නෙමෙයි. අපි කණ්ඩායමක් වශයෙන් යන ගමනක්.

ඔබ හිතනවාද වෙබ් ටී වී සහ වෙබ් රේඩියෝ රැල්ල ඉදිරියට අපේ රට තුළ ව්‍යාප්ත වෙලා සාර්ථක වෙයි කියලා ?

ඇත්තටම ඔව්. මොකද ඔබ ඔය ප්‍රශ්නය මගෙන් අහන්නෙත් වෙබ් අඩවි වගේම වෙබ් නාලිකා අද සංවර්ධනය වෙලා තියන නිසා. ඔබත් වෙබ් අඩවියක් නියෝජනය කරන්නේ. ඔබත් දන්නවා අද ලංකාව ගත්තොත් ජීවත් වන ප්‍රමාණයෙන් වැඩි කොටසක් පරිහරණය කරන්නේ අන්තර්ජාලය. අනෙක් රටවල් ගත්තොත් මුළු පිරිසම වගේ භාවිතා කරන්නේ අන්තර් ජාලය. ඉතින් මමනම් හිතන්නේ ඉදිරියට නෙමෙයි අද වෙනකොටත් මේ වෙබ් නාලිකා ව්‍යයූහය අපේ රටේ පමණක් නෙමෙයි මුළු ලෝකයේම ව්‍යාප්ත වෙලා ඉවරයි කියලා.

ඉදිරියට වෙබ් නාලිකා හරහා නව සංකල්ප බිහි කරනවාද ?

එහෙම තමයි හිතාගෙන ඉන්නේ. අපි කණ්ඩායමක් විදියට වැඩ කරන්නේ ඒ නිසා අපිට විශ්වාසයි අලුත් දෙයක් කරන්න පුළුවන් කියලා. මමනම් පෞද්ගලිකව අපේ රටේ සැඟවිලා සිටින කලාකරුවන් ඒ කියන්නේ රංගන ශිල්පීන්, සංගීතවේදීන්, නර්තන ශිල්පීන් වගේ අය ලෝකය වෙත අරන් යාමේ වැඩපිළිවෙලක් තමයි කරන්න  හිතන් ඉන්නේ මේ වෙබ් නාලිකා තුළින් . ඉතින් ඉදිරියටත් රන්බිම ටී වී නරඹන්න දියත රේඩියෝ අහන්න අපිත් සමග විවෘත්තව අදහස් බෙදාගන්න