"කාන්තා යට ඇඳුම් ඇදගෙන මහ රෑ ගෙවල් වලට පැනලා" බුත්තලම බය කළ අපූරු අනංගයා .!

කලක පටන් බුත්තල , ඔක්කම්පිටිය ප්‍රදේශයේ ජනතාවට හිරිහැරයක් වූයේ රාත්‍රියේදි නිවෙස් වලට රහසේම ඇතුල් වෙන පුද්ගලයෙකුයි, මෙම පුද්ගලයා කාන්තා යට ඇඳුම් වලින් සැරසී මධ්‍යම රාත්‍රීයේදි එලෙසින් නිවෙස් වලට ඇතුල් වීම විශේෂත්වයකි.

එම නිසාම බුත්තල ප්‍රදේශයේ ජනතාව මෙම පුද්ගලයා අල්ලා ගැනීමට කලක පටන් රාත්‍රීයේදි විමසිලිමත්ව සිටි බව සදහන්. කෙසේ වෙතත් පසුගිය
දින මෙලෙසින් කාන්තා යට ඇදුම් වලින් සැරසී නිවෙස් වලට රාත්‍රි කාළයට ඇතුළු වූ පුද්ගලයා අල්ලා ගම්මුන් විසින් ඔක්කම්පිටිය පොලිසියට භාර දී ඇත.

මෙම පුද්ගලයා විසින් රාත්‍රි කාලයේ දී මෙලෙස නිවෙස් වලට ඇතුළු වී ඇති අතර එම පිළිබඳව සොදිසියෙන් සිටි ගම්වාසීන් ඔහුව අල්ලාගෙන ඇත. මෙම සැකකරු වයස අවුරුදු දහනවයක පුද්ගලයකු වන අතර ඔහු අධික ලෙස බීමතින් මෙලෙස නිවසට ඇතුළු වී ඇති බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.ඔක්කම්පිටිය පොලිසිය පරීක්ෂණ සිදු කරයි.