අනුරාධපුර කසල ගොඩක කෑම සොයන නිරුවත් කුඩා දැරියක් බුකිය කළඹයි ! (Photo)

මම අද දවල් කෑම වේල ගත්තේ මිනිත්තු කිහිපයකින්.

වැඩ අධික බව නිසාම කෑම වලින් බාගයක් පමණ කුණු බක්කියට දැම්මේ ඊළඟ මිනිත්තු කිහිපයේ කරන්න තිබෙන වැඩ මතක් කරමින්.

සුපුරුදු පරිදි කෑම වේලාවෙන් පසුව මාගේ කාර්යාලයේ අසුන් ගත්තේ
පුරුද්දට මෙන් බුකිය පහලට යන ගමන්.

එක විගසම දුටු ඡායාරූපයක් නිසා මා හට දැනුනේ හිස් අවකාශයක අතරමංවූ හැඟීමක්.

තැඹිලි කෝම්බ අතර බඩගින්නට කෑමට යමක් සොයන නිරුවත් කුඩා දරුවෙක්ගේ ඡායා රූපයක්.

මිනිත්තු කිහිපයක් ඇසපිය නොසෙල්වා එම ඡායා රූපය දෙසම බලාගෙන සිටි මට අද දහවල් කරපු පාපකර්මය එකවරම මතකයට නැගුනේ ඇස්වල කඳුළු පුරවමින්.

දහවල් අහාර වෙලෙන් භාගයකට වැඩි කොටසක් කුණු බක්කියට දැමුවේ මට ඇති හදිස්සිය නිසාම විය.

නමුත් එක වේලක් කන්න නැතිව මෙවැනි කුඩා දරුවන් කීදෙනෙක් ලංකාවේ මේ මොහොතේ ජීවත් වෙනවා ඇද්ද?

ළඟ ළඟ එන මැතිවරණයට සල්ලී කොපමණ විසිකරනවද? මැතිවරණ ප්‍රචාරණ කටුයුතු උදෙසා මිලියන කියක් වියදම් කරනවද?

පාරට තාර දමන තැන සිට කොපමණ මහජන මුදල් හොරකම් කරනවද? මෙවැනි දරුවන් හාමතේ දවස ගත කරද්දී අපි පත් කරගන්නා දේශපාලකයින්ගේ දරුවන් කොපමණ සුරසැප විඳිනවද? ඇත්තටම අපි කවුරුන්ද?

මිනිත්තු කිහිපයකට පසුව එම ඡායා රූපය සමග ලියලා තිබුන වචන කිහිපය මා විසින් කියවීමට පටන් ගත්තා.

මේ වෙන කොහෙවත් නෙවෙයි.. මේ අනුරාධාපුරේ දරැවෙක් බඩගින්නේ ඉන්න බැරිව කුනු ගොඩක කෑම සොයන් කනවා

කොළඹ ලස්සන කරන්න, පිරිසිඳු කරලා, විනෝද උධ්‍යාන හදලා විතරක් හරියනවද මේ වගේ දරැවන් කී දහසක් ඇතිද අපේ රටේ … එත් බහුතරයක් ආගමයි ජාතියයි උඩ දාගෙන එක පෙන්න පෙන්න වාසි ගන්න පල් හොරැන්ටම ඡන්ද මනාපය දෙනවා

අපේ රටේ බහුතරයක් මිනිසුන් ඉන්නේ හීන මානෙක. ආගම ජාතිය විතරක් රැකලා වැඩක් තියනවද ඔබේම ආගමේ ජාතියේ දරැවන් මෙහෙම දුක් විඳිනකොට?

උඹේ දරැවට පිටි පැකට් එක ලාබෙට දෙන්නම් කියලා පොරොන්දු වෙන පල් හොරැම එ පිටි පැකට් එකෙන් කොමිස් අරගෙන එයාලගේ දරැවන් රට රාජ්‍ය වල යවනවා ඉගෙන ගන්න … අපේ බහුතරයක්ට එකත් සැපයි අද … මූනට බොරැ කීවත් එ බොරැව තමාගේ ආගමට ජාතියට වාසි නම් එයාට ඡන්ද මනාපේ දෙනව.

අපි ආගමටයි ජාතියටයි වහල් වුන රටක් … එක පෙන්න පෙන්න සැප විඳින පල් හොරැන්ගේ පයට පෑගෙන රටක්.. දැන් වත් රටේ වැදගත් කාරනයට මූලික තැන දෙන්න