එවරස්ට් කඳු මුදුනට ආ පියාඹන පීරිසියක් කැමරාවේ සටහන් වෙයි..!! ඡායාරූප පෙල ලෝකයේම කතාබහට. (photos)

එවරස්‌ට්‌ කඳු යාය පිහිටි ප්‍රදේශයේ දේශගුණික විපර්යාස සිදුවීම් ඡායාරූප ගත කරමින් සිටි චිත්‍රපට නිෂ්පාදකවරයෙකුගේ කැමරා කාචයේ පියාඹන පීරිසියක දර්ශනයක් සටහන් වී ඇති අතර මේ වන විට ලොව පුරා එය දැඩි කතාබහට ලක්වෙමින් පවතිනවා.

ඩේවිඩ් බ්‍රෙෂර්ස්‌ නමැති මෙම චිත්‍රපට නිෂ්පාදක වරයා අදාල ප්‍රදේශයේ ඡායාරූප 477 ක්‌ ලබාගෙන ඇති
අතර එම ඡායාරූප  නිරීක්‍ෂණය කිරීමේදී මේ පියාඹන පීරිසිය දැකගැනීමට හැකියාව ලැබී තිබෙනවා.

 ඒරියා 51 නම් හඳුන්වන එවරස්‌ට්‌ කඳු යාය කලාපය වෙත අබිරහස්‌ වස්‌තූන් පැමිණෙන මීට පෙරද වාර්ත වී තිබුණු අතර මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ  ඩ්‍රෝනා යානාවක්‌ හෝ හෙළිකොප්ටර්  නොවන බවද  ඩේවිඩ් බ්‍රෙෂර්ස්‌ පෙන්වා දෙනවා.