නාමල්ට අක්මාව දුන්න ක්‍රිෂාන්ත දැන් කියන කතාව සහ නාමල් රංජන්ට කිව්ව සංවේදී කතාව

අක්මාවේ ආබාධයක් හේතුවෙන් බරපතළ ලෙස රෝගීව සිටි ගායන ශිල්පී නාමල් උඩුගමට සිය අක්මාවෙන් කොටසක් ලබා දුන් ක්‍රිෂාන්ත සම්පත් සිංහලගෙ විසින් මීට සති දෙකකට පමණ පෙර මාධ්‍ය ඔස්සේ කරන හෙළිදරව්වක් නිසා මේ දිනවල බොහෝදෙනා නාමල් උඩුගම සහ ඔහුගේ බිරිඳවන රංගන ශිල්පිනී රුවන්ති මංගලාට දැඩි ලෙස චෝදනා කරනවා. නාමල්ගේ සැත්කම සඳහා සිය අක්මාවෙන් අවශ්‍ය වන්නේ %10 ක
කොටසක් පමණක් බවට මුලින් පොරොන්දුවද පසුව එය එය 68% ක කොටසක් බවට පත්වූ බවත් තම අක්මාවෙන් කොටසක් ලබා දුන්නේ ග්‍රාම නිලධාරියෙකු ලෙස සේවය කරමින් සිට රැකියාව අහිමිවූ තමන්ගේ රැකියාව නැවත ලබා දීමේ පොරොන්දුව මත වුවත් රුවන්ති සැත්කමෙන් අනතුරුව ඒ පොරොන්දු අමතක කළ බවත් ක්‍රිෂාන්ත මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණා. කෙසේ වෙතත් ක්‍රිෂාන්ත මේ හෙලිදරව්ව ගැන දැන් කියන්නේ වෙනමම කතාවක්.

ක්‍රිෂාන්ත මොකක්ද මේ සිද්ධිය ?

මට නම් අමුතුවෙන් ඇති වෙන්නවත් නැතිවෙන්න දෙයක් නැහැ. ඒත් මේ සිදුවීම හෙළිවූ දා පටන් ෆේස්බුක් හරහා එල්ලවෙන විවේචන නාමල්ගේ සහ ඔහුගේ පවුලේ උදවියගේ සමාජ තත්වයට විශාල කැළලක්. facebook වල පවා සටහනක් දාලා හැමෝගෙන්ම ඉල්ලා සිටියා ඒ අයට මඩ ගහන්න එපා කියලා.

ඔබ මේ ගැන රටට හෙළි කරපු නිසා තමයි මෙවැනි තත්ත්වයක් උදාවුණේ. ඒ හෙලිදරව්වෙන් බලාපොරොත්තු වූ දේ ඉටු නිසාද ඔබ අද මෙවැනි ඉල්ලීමක් කරන්නේ.?

මම විශාල හිත් වේදනාවකින් හිටියේ මට තිබුන ලොකුම ගැටලුව වුණේ රැකියාව අහිමිවීම. නමුත් රැකියාව ප්‍රශ්ණය විසඳුමක් වේවි කියලා බලාපොරොත්තුවක් මට දැන් තියෙනවා. නාමල් ගැන මගේ හිතේ කිසිම තරහක් නෑ. ඔහු හොඳින් ජීවත් වෙනවා දකින ඒකයි මගේ සතුට. මොකද ඔහු යළිත් ජීවත් කරන්න මමත් සම්මාදම් වුණා.

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ක්‍රිෂාන්ත සම්පත් හමුවූ අවස්ථාවේ සිය ෆේස්බුක් පිටුව වෙත මුදාහරින ලද සජීවී වීඩියෝ වෙනුවෙන් නාමල් උඩුගම තබා තිබූ සටහන සහ රන්ජන් ඊට දී තිබුණු පිළිතුර පහත සඳහන්.

Namal Udugama

රංජන් අයියෙ ,
ක්‍රිශාන්තට කතාකරන්න පුළුවන්නම් මටත් කතාකරන්න තිබුනා නේද.මම අවානම් ඔය ප්‍රශ්නය හරියට විසදගන්න තිබුනා.ඔයා මෙ වෙලාවෙ එක පැත්තක් ගන්න බව පේනවා මෙ කතාවෙදි.
ඔයා රටක් හදන්න ඉන්න කෙනෙක්නෙ එත්…ඔයා කොටසකට විතරක් ආදරෙවගෙ පේනවා.
මගෙ යලුකමට මට සලකන්න එපා නමුත් සත්‍යය මොකක්ද කියලා බලලා මද්ද්‍යස්තව කලානම් හරි.
මිනිසුන් එකමුතු කිරීමයි නායකත්වයෙ යුතුකම .ඒත්…වෙනස්ම දෙයක් ඔයා කලෙ.
ඔයා ඇමැති කෙනෙක් මම ..නිකං ඔහේ ගායකයෙක් ඔයාට කට්ටියත් එක්ක ඕන දෙයක් කරන්න පුලුවන් .
නමුත් මම දරුවො දෙන්නෙක් එක්ක පවුල්ජීවිතයක් ගතකරන කෙනෙක්.මේක බලපාන්නේ ඔයාට පමනි.
ඒත්..මට ලමයිත් එක්ක මේවට මූනදෙන්න ගොඩක් අමාරුයි.අයියෙ, මූනට මූන එකට තියාලා ක්‍රිශාන්තට එන්න කියලා ..සාදාරන විසදුමක් කරන්න ඔයාට පින්සිද්ද වෙයි.මේක මට ලොකු අසාදාරනයක් .
ඔයා මට වැඩිය ජනප්‍රියයි ..සමහර වෙලාවට මම ඔයාට වැඩිය ජනප්‍රියයි වෙන්න පුළුවන් …ඒකයි සත්‍යය .ජනතාව කියයි ඒ ගැනත්.
මෙ වගෙම video එකක් කරමු රංජන් අය්යෙ…
සත්‍යය ඔප්පුකරමු අය්යෙ…එතකොට ..අපිව තේරුම් ගනී..හෙට ගෙන්වාගන්න අයියෙ ක්‍රිශාන්තව..
එකට තියා කතාකරලා විසදමු.ඔයාට පිං සිද්දවෙනව job එකක් එයාට දුන්නට.මොකද හැමෝම මෙ ප්‍රශ්නය නොදන්නාඅය මට දොස් කියනවා.
හදවතට එකගව මේක විසදන්න අයියෙ ..
මම කිසිම වැරැද්දක් නොකර මට බැනුම් අහන්න අමාරුයි රංජන් අයියෙ …
බුදුසරනයි ..
දෙවිපිහිටයි ..!!!






































Ranjan Ramanayake

නාමල් මල්ලි ,මට උවමනා වුණේ පීඩිතයාට උදව් කිරීමටයි,එ මනුස්සයා දුප්පත් අහිංසක ලෙඩෙක්,එයාගෙ න් වරදක් වෙන්න ඇති ,නමුත් අද ඉන්න තත්ත්වය භයානකයි ,බිරිඳවත් සවුදි යවලා ,පොඩි ළමයින් දෙදෙනකු අනාථ වෙලා ,සල්ලි නැහැ ,job එකක් නැහැ ,මම මට පුළුවන් විදිහට උදව් කළා එක වරදක් ද,රාවය පත්තරේ දැක්කාම මම මයි call කළේ ,ඇමැතිතුමා ට කතා කරලා දන් job එක හරි,තවත් සල්ලි හොයලා දෙනවා,බොහොම ස්තුතිය ,රන්ජන් රාමනායක