කුකුළු සොරකමක් දුරදිග ගිහින් බෑණා අතින් මාමා එළොව යයි

කුකුළු සොරකමක්‌ සම්බන්ධව මාමා සහ බෑනා අතර ඇති වූ බහින්බස්‌ වීම දුරදිග ගොස්‌ බෑනා විසින්  මාමාගේ බඩ කපා තුවාල කර පුවතක් වාර්තා වුණා.

සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයා (මාමා) කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි දන්කොටුව පොලිසිය පැවසුවේ.

මෙසේ මියගොස්‌ ඇත්තේ ජංකුරාවෙල ප්‍රදේශයේ ඩැනිස්‌ටර් නමැති 45 හැවිරිදි විවාහකයෙක්.

සැකකරු වූ ප්‍රදිප් තුෂාර නමැත්තා දන්කොටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මාරාවිල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් දන්කොටුව පොලිසිය වැඩිදුරටත් පරීක්‍ෂණ සිදු කරන බවයි වාර්තා වුණේ.