"මහත්තයෝ මේ මුරුක්කු පැකට් එකක් ගන්න පුලුවන්ද?- දරුවට අලුත් සපත්තු දෙකක් ගන්න ඇයට පිහිට වුන අපූරු තරණයා - (Photos)

ජීවිතය කියන්නේ හරිම පුදුම දෙයක් මේ ලොකේ සතුටින් ඉන්න නම් සල්ලි ඕන, සල්ලි නැතුව දුක් විදින ජීවිත ගණන් කරන්න බැරි තරම් ලංකාවේ ඉන්නවා , ඒ වගේ අයට පුළුවන් විදිහට උදව් කරන එක අගය කළ යුතු උතුම් ක්‍රියාවත්, ඉතින් ඒවාගේ උතුම් ක්‍රියාවක් කරපු තරුණයෙක් ගැන සමාජ මාධ්‍ය ජාලයෙන් දැන ගන්නට ලැබුනා.
පානදුර බත් කඩේක බඩගින්න නිවාගන්න යද්දි මුරුකු ටිකක් අරගෙන
අම්මා කෙනෙක් ඇවිත් මේ තරුණයාට කියලා තියෙනවා, මුරුකු පැකට් එකක් ගන්න කියලා ඒ එයාගේ පුංචි ළමයට ස්කොලේ දාන්න සපත්තු දෙකක් ගන්න, මේ ගැන හොයලා බලපු තරුණයා මේ අම්ම වෙනුවෙන් අපූරු ක්‍රියාවක් කරලා තිබුනා, වින්දනය සඳහා මුදල් විසි කරන තරුණ, තරුණියන් සිටින සමාජයක යොහාන් රාජපක්ෂ නැමති තරුණයා කළ උතුම් ක්‍රියාවයි මේ....

"පානදුරේ මාතර බත් කඩේ ගාවින් කාර් එක නැවැත්තුවේ බඩගින්න වැඩි කමටමයි. වාහනෙන් බහිනකොටම ළඟට ආපු මේ අම්මා මට කිව්වේ "මහත්තයෝ මේ මුරුක්කු පැකට් එකක් ගන්න පුලුවන්ද? මේ දරුවට ඉස්කෝලේ දාන්න සපත්තු දෙකක් ගන්න සල්ලි නෑ" කියලා. බලනකොට ඒ දරුවා අද ඉස්කෝලේ ගිහින් නැත්තේ සපත්තු දෙකක් නැති නිසා. ඉතින් දෙපාරක් හිතන් නැතිව මම ඒ දරුවට සපත්තු දෙකක් අරන් දෙන්න හිතුවා. අපි ගියේ පානදුරේ bata ආයතනයට. යන අතර මග මා විසින් කළ විමසීමකදී මට දැන ගන්න ලැබුනා මේ දරුවා මතුගම පාන්තිය විද්‍යාලයේ නව වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන වගත්, පන්තියේ ළමුන් 25 දෙනෙකු අතරින් පන්තියේ අට වැනි ස්ථානය ලබා ගන්නා බවත්.

bata ආයතනයට ගිය අවස්ථාවේ එම කළමනාකාර තුමා විසින් ඔවුන්ට උදෑසන ආහාරයද ලබා දුන්නා. එමෙන්ම මා හට එම සපත්තු කුට්ටම සඳහා වට්ටමක්ද, සපත්තු මේස් යුගලයක්ද නොමිලයේ ලබා දුන්නා. තාත්තා ලොතරැයි විකිණුවත් මේ දරුවාගේ අධ්‍යාපනයට නම් කිසිම මුදලක් දෙන්නේ නෑ කියලයි ඒ අම්මා අපිට කිව්වේ.

අම්මට දුරකතනයක් නෑ. ඒත් තාත්තාගේ දුරකතනයෙන් මට කතා කරලා අවශ්‍ය දෙයක් තියෙනවා නම් ඉල්ලන්න කියලා මම කිව්වා. උදව් කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මට කියන්න.