සියලු දෙනාම සංවේදී කරමින් කාවිංගට අහිමි වූ මව් සෙනෙහස හා පිය සෙනෙහස මංගල දිනයේදී අවදි කළ හැටි

ඊයේ ඉඳන් සමාජජාල මාධ්‍යයන්වල වැඩියෙන් කතාබහට ලක්වෙන චරිතයක් තමයි කාවිංග පෙරේරා කියලා කියන්නේ.

ඒ ඊයේ දිනයේ කාවිංග යුග දිවියට එලඹීමත් සමගයි.

කාවිංගගේ අතගත් ඇගේ බිරිඳ වෘත්තියෙන් වෛද්‍යවරියක්.

කොළඹ Cinnamon Lakeside හෝටලයේ පැවති උත්සවයට
කලාලොවේ තරු රැසක් සහභාගී වී සිටියා.

ඒ වගේම තමයි මෙහිදී බොහෝ දෙනාගේ කතාබහට ලක්වූ තව දෙයක් තිබුණා.

ඒ ඔහුගේ මියගිය මවගේ සහ පියාගේ රුව රැගත් ඡායාරූප එක්කර තිබීමයි.

දෙමව්පියන්ගේ වියෝවෙන් පසු නැගණිය සමගින් ජීවත් වූ කාවිංග දෙමාපියන් ජීවතුන් අතර නැතිවුවත් ඔවුන්ගේ ආශිර්වාදය ලබාගන්න අමතක කරලා තිබ්බේ නැහැ.