අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පළවෙනි වතාවට අද වෛද්‍ය පරීක්ෂණයකට සහභාගී වෙනවා.
සාමාන්‍යයෙන් අමෙරිකාවේ ජනාධිපතිවරයෙක් ධූරකාලයේදී වෛද්‍ය පරීක්ෂණ කිහිපයකටම මුහුණ දෙනවා.
මේරිලන්ඩ් ජනපදයේ බෙතෙස්ඩාහි වෝටර්ස් රීඩ් වෛද්‍ය
මධ්‍යස්ථානයේදී තමයි ට්‍රම්ප්ගේ මේ වෛද්‍ය පරීක්ෂණය සිදු කරන්නෙ.
කොහොමවුනත් ඩොනල් ට්‍රම්ප් කියන්නේ හිතුවක්කාර, උමතු තීරණ ගන්න නායකයෙක්. ට්‍රම්ප්ට මානසික රෝගයක් තියෙනවා කියලත් මේ දවස්වල ලෝකය පුරාම කතා වෙනවා.
අමෙරිකාවේ මාධ්‍යවේදියෙක් ලියපු “ෆයර් ඇන්ඩ් ෆියුරි” පොතෙත් එ් ගැන ලියලා තියෙනවා.
ට්‍රම්ප්ට ඇත්තටම ඇත්තටම පිස්සුද කියලා අද බලා ගන්න පුළුවන්.
ට්‍රම්ප් ජනාධිපති ධූරයට ඉදිරිපත් වෙන්න කලිනුත් වෛද්‍ය පරීක්ෂණයක් කරා. එ් වාර්තාවට අනුව ඔහුගේ සම්පූර්ණ කොලෙස්ටරෝල් මට්ටම 169 ක්. රුධිර පීඩනය 116/70 ක්. ඔහුගේ වයසට අනුව එ්ක හොඳ තත්වයක්.
කොහොමහරි ලෝකයම බලා ගෙන ඉන්නේ ට්‍රම්ප්ට ඇත්තටම පිස්සුද කියලා. ඒ ගැන අද පරීක්ෂණයෙන් පස්සේ බලා ගන්න පුළුවන්.
ඇමෙරිකානු ජනාධිපතිවරයාට ඇත්තටම පිස්සුද? වෛද්‍ය පරීක්ෂණය අද
2018-01-12T02:11:00-08:00
Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
slide|