සඳලුතලයේ විදේශිකයෙකු සමග ලිංගිකව එක්වෙමින් සිටි ගණිකාවගේ ඉරණම විසඳුනු හැටි - Video

මහල් ගොඩනැගිල්ලක සඳලුතලයේ විදේශිකයෙකු සමග ලිංගිකව එක්වෙමින් සිටි ගණිකාවක් ඉන් බිමට ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මේ පුවත වාර්තා වන්නේ තායිලන්තයේ පතායා නගරයෙන්.

අදාළ ගණිකාව මෙසේ ලිංගිකව එක්වී ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතික
තරුණයෙකු සමගයි. ඔවුන් දෙදෙනා මහල් 5 කින් යුත් ගොඩනැගිල්ලක ඉහල මාලයේ  ඇති සඳලුතලයේ සිටියදී හදිසියේම කාන්තාව ඉන් බිමට ඇද වැටී තිබුණා.


අනතුරෙන් අදාළ කාන්තාවගේ හිසට දරුණු තුවාල සිදුවී ඇති අතර ඇය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සැකපිට අදාළ තරුණයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වීසා නොමැතිව තායිලන්තයේ රැඳී සිටි අයෙකු බවත් හෙළිව තිබෙනවා.

මේ අතර මියගිය කාන්තාව අසළ තිබී ලිංගික උත්තේජක පෙති වර්ගයක්ද පොලිසිය සොයා ගෙන තිබුණා.