ලිංගික දර්ශන 14ක් ඇතුලත් ආන්දෝලනාත්මක චිත්‍රපටයට හිමිවූ සම්මානය අවසානයේ අනෝමා ජනාදරීට ලැබුණු හැටි .!

ඉකුත් දා ඇමරිකාවේ ලොස්‌ ඇන්ජලිස්‌ නුවරදී පැවති 2017 ආසියානු සිනමා උළෙලේදී ශ්‍රී ලාංකේය සිනමාවේ නාමය ගෞරවාදරයට පාත්‍ර කරමින් ආසියාවේ හෙඳම රංගන ශිල්පිනිය ලෙස සම්මාන ලබන්නට ප්‍රවීණ රංගනවේදිනී අනෝමා ජනාදරී සමත් වූවාය.

චිත්‍රපට අධ්‍යක්‌ෂ සංජීව පුෂ්පකුමාරගේ "දැවෙන විහගුන්" චිත්‍රපටියේ ඈ
නිරූපිත චරිතය මෙසේ සම්මානිත විය.කෙසේ වෙතත් එම සම්මානය ඇයට හිමි නොවූ බව කියමින් ඈ සිදු කළ චෝදනාවක්ද පසුගිය දිනවල කතාබහට ලක්විය.

කෙසේ වෙතත් ඇයට උපහාර පිදීම සහ එම සම්මානය පිරිනැමීමේ උත්සවය"සිනමානෝමා" තේමාව කරගනිමින් ඉකුත්දා බත්තරමුල්ල වෝටර්ස්‌ එඡ් හෝටලයේදී පැවැත්විණි.

 කලාකරුවන් ප්‍රභූවරුන් සහ අනෝමාට ආදරය කරන රසික රසිකාවියන් රැසකගේ සහභාගිත්වයෙන් පැවති උත්සවයේදී ප්‍රවීණ රංගණවේදිනී අනොමා ජනාදරීට සම්මානය පිරිණැමීම විශේෂත්වයකි.