අට වසරේ පිරිමි ළමයි, ගෑණු ළමයි තුන්දෙනෙකුට අමුතු වැඩක් කරලා. දැරියන් තිදෙනා රෝහලේ.

පාසලක අට වැන ශ්‍රේණියේ ඉගනුම ලබන සිසුන් පිරිසක් විසින් කරන ලද නොමනා ක්‍රියාවක් පිළිබඳ තොරතුරු දඹුල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මෙම සිසුන් විසින් ලිංගික උත්තේජකයක් අඩංගු ඖෂධයක් පාසල්
දැරියන් තුන් දෙනෙකුගේ මුහුණට  ඉස තිබෙනවා. ඒ තම පංතියේම ඉගනුම ලබන සහෝදර ශිෂ්‍යාවන් තිදෙනෙකුට.

එහිදී හුස්ම ගැනීමේ අපහසුතාවය සහ වමනය ඇති වීම නිසා පාසලේ ගුරු භවතුන් විසින් අදාල දැරියන් දඹුල්ල රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මෙම දැරියන්ගේ සෞඛ්‍ය තත්වය යහපත් තත්වයේ පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.