හොල්මන් ෆිල්ම් 70 කට වඩා රූගත කළ කොකු ගස් කැලෑවේ නොවිසඳුණු අභිරහස - (Video)

පෝලන්තය බොහොම සාමකාමී රටක්. ඒ වගේම සුන්දර රටක්. සාමාකාමී බව උතුරා යන තැනෙක අබිරහසක්ද නිරන්තර යෙන්ම සැගවී තිබෙන බව කියවෙනවා. මෙය පෝලන්තයේ සමහර ස්ථාන වලටත් අපූරුවට ගැලපී තිබෙනවා. පෝලන්තයේ සුප්‍රසිද්ධ කොකු ගස් කැලෑව හොඳම උදාහරණයකි.

සොබාදහමේ සුන්දරත්වය මෙන්ම නොවිසඳුනු අබිරහසක්ද කැටි
කොටගත් මේ වනාන්තරය පෝලන්තයේ උතුරු පොමරේනියාවේ ග්‍රයිෆිනෝහි පිහිටා තිබෙනවා.

මේ කැලය පුරාවටම තිබෙන්නේ එකම උසකින් සහ මහතකින් වැඩුණු පයින් ගස් විමානයක්. එහි මාධ්‍යයට වන්නට තිබෙන ගස්වල ඉතා අසාමාන්‍ය ලක්ෂණයක් දක්නට ලැබෙනවා. ඒ තමයි එම ගස් පොළොවේ සිට පටන්ගන්න ස්ථානයේ පටන් අඩි දෙකහමාරක් පමණ යන තෙක් ඉතා අසාමාන්‍ය ලෙස වකුටු වී පැවතීම. එය හරියට දෑකැති තලයකට සමානයි. අඩි දෙක හමාරක් තුනක් පමණ වන තෙක් නැවී ගොස් තිබෙන මෙම පයින් ගස් වල කඳ ඉන් පසුව නැවත සාමාන්‍ය ආකාරයට ඍජුව වැවී තිබෙනවා.

මෙලෙස නැවී වැවුණු ගස් මෙහි 400කට අධික ප්‍රමාණයක් දක්නට ලැබෙනවා. ඒ වගේම මෙම සෑම ගසකම නැම්ම ආරම්භ වී තිබෙන්නේ පොළොවේ සිට අංශක 90 ක කෝණයකින්. මෙයට හේතුව කුමක්ද ? සත්‍යය ලෙසම අද මේ මොහොත වනතුරුම එයට දිය හැකි සර්ව සාධාරණ සහ න්‍යායාත්මක පිළිතුරක් කිසිවෙකුත් සොයාගෙන නැහැ.

මේ පයින් ගස් සිටුවා තිබෙන්නේ වර්ෂ 1930දීයි. එතැන් පටන් මේ ගස් වලට නැමී වැවීමට තරම් හේතුවක් තිබු බවක් කිසිම ලෙසකින් වාර්තා වී නැහැ. මේ ගස් බැලූ බැල්මට පෙනෙන්නේ පොලොව මත සිටවූ ඉංග්‍රීසි j අකුරු ලෙසයි. මෙලෙස කඳ නැවීමට ඒවා ළපටි කාලයේ ලොකු බරක් ගස් මත තිබෙන්නට ඇති බව ඇතැමුන් පවසනවා. මොකද පයින් යනු බෙහෙවින් නම්‍යශීලී කඳක් ඇති සවිමත් ශාක වර්ගයක්. එහෙත් ගැටලුව නම් එසේ කලේ කවුරුන්ද, කුමන හේතුවක් නිසාද යන්නයි. අනෙක් කාරණය නම් මෙලෙස J අකුරේ හැඩයට තිබෙන්නේ කැලයේ මැද කොටසේ පිහිටි ගස්වල පමණයි. එවන් දෙයක් සිදුකලේ කුමන අදහසකින්ද කියන්න කිසිවෙක් දන්නේ නැහැ.

තවත් කොටසක් පවසන්නේ මේ ගස් පිටසක්වල ජීවීන්ට ස්ථානය හඳුනා ගැනීමට තැබූ අද්භූත සංඛේතයක් බවයි. එහෙත් ගස් උසට වැවුණු පසු එහි කඳේ ඇති කොකු ස්වරූපැය ඉහල සිට දැකගත නොහැකියි. එම නිසා එම මතයද ප්‍රතික්ෂේප වෙනවා.

කවුරුන් කෙසේ කීවත් ස්වදේශික පෝලන්ත වැසියන් මෙම කොකු ගස් කලාපය හඳුන්වන්නේ හොල්මන් විමානයක් ලෙසයි. ඒ ඇත්තටම වෙනත් කාරණයක් මේ සඳහා ආදේශ කල නොහැකි නිසාවෙනි. හොල්මන් තියා කුමන අද්භූත බලවේගයක් නිසා මෙම ගස් මෙලෙස වැවුණා වුනත් ඊට ලැබී තිබෙන මහජන ආකර්ෂණයේ නම් අඩුවක් නැහැ. වසරක් පාසා මේ වනය නැරඹීමට අති විශාල පිරිසක් පෝලන්තයට පැමිණෙනවා.

හොල්මන් පිලිබඳ සිනමාව වෙත හොඳ තෝතැන්නක් වුනු මේ කොකු ගස් වනය ආශ්‍රිතව හොල්මන් සිනමා පට 70කට අධික ප්‍රමාණයක් රූගත කර තිබෙනවා.

කෙසේ වෙතත් කොකු ගස් කැලෑව තවමත් ලෝකයට අබිරහසක්ව පවතිනවා.