ෆේස් බුක් ලයිව් ඇවිත් පැය 2 කින් වෙඩි වැදී මියගිය හර්යානා ගායිකාව

ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ ප්‍රකට ගායිකාවක හා නර්තන ශිල්පිනියක බව පැවසෙන 22 හැවිරිදි හර්ෂිතා දාහියා පසුගිය අඟහරුවාදා ඇගේ වාහනය තුළදී වෙඩි තබා ඝාතනය කර තිබුණි.
ඇගේ මුහුණටම තැබූ වෙඩි පහර නිසා ඇය වාහනය තුළදීම මියගොස් සිටියා.

 මෙම සිදුවීම වන්නට පැය දෙකකට පෙරත් ඇය සිය ෆේස්බුක් රසික
පිටුව ඔස්සේ සජීවීව රසිකයින් අමතාතිබූ අතර මෙම ඝාතනය තවමත් අභිරහසක් ලෙස සැලකේ.
පොලිසිය සිදු කළ විමර්ශනයේදී මින් ඉහත මෙම ගායිකාවගේ මවද ඝාතනය ලක්ව තිබූ බවත් එම සිදුවීමේ ඇසින් දුටු සාක්ෂිකාරිය වූ මෙම ගායිකාවට පෙර ඝාතන පාර්ශ්වයෙන් මරණ තර්ජන තිබූ බවත් සොයාගෙන ඇත.

ඇගේ මුහුණට වෙඩි පහර 6 ක් එල්ලවී ඇති බවත් ගම්මුන්ට වෙඩි හඩ ඇසී වාහනය දෙසට එන විට ඝාතකයින් පළාගොස් තිබුණ බවත් වාර්තා විය.

මියගිය හර්ෂිතාගේ නැගණියගේ ස්වාමියාද මෙම ඝාතනයට සැක බවට ඇතැම් වාර්තා පළව තිබේ.
සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වේ.