ජාත්‍යන්තර වෙබ් අඩවියක් විසින් මැතිව්ස් ගැන කිසිවෙක් නොදත් රහසක් හෙළිකරයි

ක්‍රිකට් පිටියේ සුපිරි ක්‍රීඩකයන්ගේ වාර්ෂික ආදායම සම්බන්ධයෙන් ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය විශේෂ හෙළිදරව්වක් කර තිබෙනවා.

ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කිරීමෙන් වැඩිම ආදායමක් ලබන
ක්‍රීඩකයා බවට පත්ව ඇත්තේ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායක ස්ටීවන් ස්මිත්.

ඔහුගේ වාර්ෂික ආදායම ලෙස ඔවුන් සඳහන් කර ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 1.469 ක් ලෙසයි.

එය මෙරට මුදලින් රුපියල් කෝටි 22 කට වඩා වැඩි අගයක් ගන්නවා. මෙහි දෙවැනි තැන හිමිව ඇත්තේ එංගලන්ත නායක ජෝ රූට් හට.  ඔහුගේ වාර්ෂික ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1.38 ක්. එනම් රුපියල් කෝටි 21 කට වඩා වැඩි අගයක් වනවා.

මෙම වෙබ් අඩවි වාර්තාවට අනුව තෙවැනි ස්ථානයේ පසුවන්නේ ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලි වන අතර ඔහුගේ අදායාම ඇමරිකානු ඩොලර් මිලියනක් පමණ වනවා. එය මෙරට මුදලින් රුපියල් කෝටි 15 ක පමණ ආදායමක්.

මෙම ක්‍රීඩක ලැයිස්තුවේ පස්වැනි ස්ථානය හිමිව ඇත්තේ ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඇන්ජලෝ මැතිව්ස් හටයි.

ඔහුගේ වාර්ෂික ආදායම රුපියල් කෝටි 4.8 ක් බවයි අදාළ වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් මෙම ආදායම්වලට අදාළ ක්‍රීඩකයන් සහභාගී වන  20-20 ලීග් තරග හෝ දැන්වීම්වලට පෙනී සිටිමින් ලබන මුදල ඇතුලත් නොවන බවත් ඔවුන් ක්‍රීඩා කරන රටේ ක්‍රිකට් මණ්ඩලය කරනු ලබන ගෙවීම් පමණක් සලකා බලා ඇති බවද එම වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කරනවා.