පුතුගේ සිව්වන උපන් දිනය දවසෙම පුතුව ඝාතනය කළ හිත්පිත් නැති මව - (Photos)

තම දරුවාගේ හතරවන උපන්දිනය දා ඔහුට පහරදී ඝාතනය කළ මවක් පිළිබද පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇමරිකාවේ, චිකාගෝ හි  මෙම සිදුවීම සිදුව ඇති අතර එම පසුගිය බ්‍රහස්පතින්දා පැවති නඩු විභාගයකදී යට එරෙහිව පැවති චෝදනාව ඔප්පුවී තිබෙනවා.

ක්‍රිස්ටල් වෝල්ඩස් නමැති 34 හැවිරිදි මෙම කාන්තාව වයස අවුරුදු 04ක්
වන පිරිමි දරුවා ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඝාතනයට ලක්වූ දරුවාගේ සිරුර ඔහුගේ නිදන කාමරය තුල තිබී දරුවාගේ නැන්දා සහ මාමා විසින් සොයාගෙන තිබෙනවා.

සිරුර සොයාගන්නා අවස්ථාවේදී එය පොරවනයකින් ඔතා තිබූ බවට වාර්තා වනවා.

2011 වසරේ නොවැම්බර් මස 25 වනදා මෙම ඝාතනය සිදුව ඇති අතර මෙයට ඇයගේ 40 හැවිරිදි පෙම්වතාද සම්බන්ධ වී ඇති බවටයි සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.

ඝාතනය සඳහා සම්බන්ධ වූ  පෙම්වතාට 2013 වසරේදී, වසර 75ක සිර දඬුවමක් එරට අධිකරණය විසින් පනවා තිබෙනවා.

කෙසේ වෙතත් සැකකාර 34 හැවිරිදි මවට සිය දරුවා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාව පසුගිය බ්‍රහස්පතින්දා පැවති නඩු විභාගයේදී ඔප්පුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සැකකාර කාන්තාව වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් අධිකරනයදී පවසා ඇත්තේ මෙම කාන්තාව මානසික අබාධයකින් පෙළෙන තැනැත්තියක් බවටයි.

ඡායාරූප පහතින්..