ලිංගිකත්වයෙදිත් වික්ටර් තරුණයෙක් වගෙයි - හෂිනි

ආදරය ප්‍රේමයේදි වගේම ලිංගිකත්වයෙදිත් වික්ටර් රත්නායක තමාට දැනෙන්නේ තරුණයෙක් වගේ යැයි ඔහුගේ බිරිඳ හෂිනි අමේන්ද්‍රා රත්නායක මහත්මිය කියයි.

ලංකාදීප පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඇය මේ අදහස් පලකර තිබේ.

"ඔයාගේ වයස් පරතරය අවුරුදු තිස් ගණනකටත් වැඩියි. ඒ පරතරය ඔයාට ප්‍රශ්නයක් වුණේ නැද්ද ?”
යනුවෙන් මාධ්‍යවේදියා නැගූ ප්‍රශ්නයකට ඇය මේ පිළිතුර ලබාදී ඇත.

එසේම මුලින්ම ආදරය ප්‍රකාශ කළේද වික්ටර් බව පවසා ඇති ඇය විවාහවන තෙක්ම එකට සිටි බව (ලිවිං ටුගෙදර්) ද එම පුවත්පතට හෙළිකර තිබේ.

ඇය සිය පළමු ප්‍රේමය හා විවාහය ගැනද එහිදී අදහස් දක්වා ඇති අතර මුලින්ම ඇති වූ ආදරය අමිහිරි මතකයක් බවත්, එය පොඩි වයසෙදි නොතේරුම්කමට සිදුවූවක් බවද පවසා තිබේ.