හැමෝම ආදරය කළ උමාලි, සාරංග ආදර අන්දරයට නැවතීමේ තිත – මේකද ඇත්ත ?

සාරංග සහ උමාලි ගැන පසුගිය කාලේ පුරාම විවිධ පුවත් මැවුුනා.
ඊට ආසන්නතම සිද්ධිය වුණේ හොඳ නිළිය සම්මානය අරන් වේදිකාවේ සාරංග ඉස්සරහ උමාලි කිියපු කතාව.

ඊට පස්සේ සාරංග සිය මුහුණුපොතේ දැම්ම සටහනක් නිසාත් ලොකු කතාබහක් ඇතිකළා.

කොහොම වුණත් සමහරු කිව්වේ මේ දෙදෙනගේ ආදරේ ගැන මිනිස්සු බොරු කතා ගොතනවා කියලයි.

ඒකට හේතුව තමයි සාරංගත් උමාලිත් හැමෝගෙම හිතේ ආදරවන්තයින් විදිහට හොඳ පැහැදීමක් ඇතිකරලාල තිබීම.

මේ හැමදේම වෙනස් වෙලා දෙදෙනා වෙන් වෙන්න යනවා කියන ආරංචිය තිබුණත් ඒ කවුරුත් ඒකට කෙළින් උත්තරයක් දුන්නේ නෑ.

කොහොම වුණත් මේ දෙදෙනා නීතියෙන් වෙන් වෙන්න මේ වෙනකොටත් නඩුවක් දාලා තියෙනවා විවිධ සමාජ මාධ්‍ය වෙබ් අඩවිවල පළ වෙනවා.

ඒ වගේම ඒ වෙබ් අඩවිවල වාර්තා වෙන්නේ ඔවුන් දෙදෙනාගේ නීත්‍යානුකූල වෙන්වීම ළඟදීම සිදුවෙනවා කියලයි.

හැබැයි ඉතින් මේ දේවල් ඇත්ත ද කියලා අපි හරියටම දන්නේ නැහැ.