සුප්‍රසිද්ධ සාස්තරකරු මංජුල පීරිස්ගේ පුතා ගෙවන සුපිරි ජීවිතය මෙන්න (PHOTOS)

අලුයම් කාලයේ සිට මධ්‍යම රාත්‍රිය දක්වාම ලංකාවේ රූපවාහිනී නාලිකා ජන මනස පුරවන්නේ හරසුන් සංවාද, ටෙලිනාට්‍ය සහ සාස්තර වලිනි.

නාලිකාවල මේ විකාරරූපී විකාශණයන් නිසා ග්‍රහ තරු වලට ජීවිතය
උගස් කර කිසිදු සැලසුමක් නැතුව ජීවත්වන මිනිසුන් ඕනෑතරම්ය. සාස්තරකාරයින්ගේ විකාර අසා නූගතුන් විනාශ වුවද සාස්තර කියන්නන්ගේ ජීවිතවලට කිසිදා ඒරාෂ්ඨක ලබන්නේ නැත. අපලකාලද නැත.

මංජුල පීරිස් සැලකෙන්නේ අප පෙර කී සාස්තරකාරයින්ගේ කුලකයේ ප්‍රධානතම කේන්දර මනෝ ව්‍යාධි වාහකයෙකු ලෙසයි. රූපවාහිනී නාලිකා කිහිපයකම මිනිසුන්ට අසුභ කාල විකුණන මංජුල කේන්දරයක් බැලීම සඳහා අවම වශයෙන් රුපියල් 10,000 පමණ අය කරයි.

එපමණ විශාල මුදලක් අය කලද ඔහු හමුවීමට පැමිණෙන අන්ධ භක්තිකයින් ගණන සුලුපටු නොවේ.

මංජුල පීරිස්ගේ මේ අසුභ කාල – කේන්දර අලෙවියෙන් මංජුල ඉපයූ මුදල කෙතරම්ද යන්න අවබෝධ කර ගැනීමට ඔහුගේ පුත්‍රයාගේ සමාජජාල ගිණුම් පිරික්සීම ප්‍රමාණවත්ය.

කෝටි ගනන් වටිනා සුපිරි වාහන, ලක්ෂ ගණන් වටිනා ඇදුම් ආයිත්තම්, ලෝකය පුරාම සුඛෝපභෝගී විනෝද සංචාර ඒ ගිණුම් වල ජායාරූප ලෙස ඔබට දැකගත හැක.

අපට මංජුල හෝ ඔහුගේ දරුවා පිළිබඳව අබමල් රේණුවක හෝ ඊර්ෂියාවක් නැත. ලොව සෑම පියෙකු මෙන්ම මංජුලද සිය දරුවාට තමන්ට ලබාදිය හැකි උපරීම සැප සම්පත් ලබාදීම අගය කල යුතුය.

නමුත් මංජුල පිරිස්ලා මේ මුදල් උපයන ලද්දේ රටට වටින කුමක් නිශ්පාදනය කරද? ජනතාව මිත්‍යාවේ ගිල්ලවා නොවේද?

මේ හොදින් හිතන්නට කාලයයි!

-harigossip


ජයාරුප පහතින්.