විභාගේ කල් දාන්න ඉස්කෝලේ කොල්ලො ටිකක් කරපු කැත වැඩේ

මින්නේරිය ජාතික පාසලේ සිසුන් පිරිසක් බඹර වදයකට එල්ල කළ ගල් ප්‍රහාරයක් හේතුවෙන් පසුගියදා සිසුන් 18ක් සහ ගුරුවරියන් දෙදෙනකු රෝහල්ගත කර තිබේ. මොවුන් මෙම ක්‍රියාව සිදු කොට ඇත්තේ සිය වාර විභාග කල් දා ගැනීමේ අරමුණින් බවද පැවැසේ.

මෙම බඹර ප්‍රහාරයට ලක් වූ මින්නේරිය ජාතික පාසලේ 6 – 7 වසරවල සිසුන් 18 දෙනකු සහ ගුරුවරියන් දෙදෙනකු මේ වන විට හිගුරක්ගොඩ
දිසා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව රෝහල් පොලීසිය පවසයි. ප්‍රහාරයට ලක් වූ සිසුන් පවසා සිටින්නේ ලොකු අයියලා කට්ටියක් ඇවිත් බඹරයට ගල් ගැසූ විට තමන්ට බඹරුන් ඇන්න බවයි. විද්‍යාලයේ තුන්මහල් ගොඩනැගිල්ලක ඉහළ මහලේ මෙම බඹරය පිහිටා ඇත. අද උදේ ළමයි දුවනවා. බඹරු අනිනවා කියලා.

පස්සේ මම ළමයින්ට කිව්වා ආරක්ෂා තැන්වලට දුවල්ල කියලා. අද විදුහල්පතිතුමාත් නෑ නිවාඩු. කොහොමහරි ළමයි රෝහලට අරගෙන ගියා. මේ බඹරය බැදලා දින දෙකයි. බැන්ද දවසෙම අපි වනජී එකට දැනුම් දුන්නා මේක කඩලා ඉවත් කරන්න කියලා. නමුත් වැඩේ වුණේ නෑ. දැන්වත් ඉවත් කරන්න කියලා තමයි කියන්න තියෙන්නේ යැයි පාසලේ ගුරුවරයකු අප සමග පැවැසීය.