‘‘තේරුම් ගන්න පරක්කු වුණා.. සාරංග නෑ කියලා මගේ ජීවිතේ කඩා වැටෙන්නේ නෑ‘‘ - උමාලිගෙන් ආන්දෝලනාත්මක කතාවක් (PHOTOS)

සාරංග - උමාලි යුවළ කියන්නේ පහුගිය කාලයේ බොහෝ දෙනා අතර කතා බහට ලක්වුණ තරිත දෙකක්.සාරංග  හා උමාලි අතර ඇතිවුණ විරසකයත්, ඉන්පස්සේ ඇතිවුණ ඇතැම් සිදුවීමුත් නිසා බොහෝ දෙනා මොවුන් දෙදෙනා ගැන කතා කළා.පහුගිය දවසක තිබුණ සම්මාන
උළෙලකදී උමාලි සාරංගට කියපු දෙයක් නිසා මේ කතාව ආයෙත් අලුත් වුණා.

කුමාරයයි, වැද්දයි, පිය රජතුමයි... අන්තිමට රට වැසියොයි ඔක්කොම අන්ඳපු අපේ කාලයේ මනමේ කුමරිය වේදිකාවට සැපත්වූ වගයි... කියලා මේ සිදුවීමට පස්සේ සාරංග ඔහුගේ  ෆේස්බුක් පිටුවේ පලකරලා තිබුණා.

මේ අතරේ උමාලි ඇගේ හොඳම මිතුරියකට පැවසූ දෙයක් ගැන අපට ආරංචි වුණා.

‘‘එකට ජීවත් වෙන්න බැරි වුණත් අපි අතර තරහක් නෑ. සමහර වෙලාවට කාලයක් යනවා අපිට එකට ජීවත් වෙන්න පුළුවන්ද කියන එක තීරණය කරන්න. මට සාරංගවත් සාරංගට මාවවත් තේරුම් යන්න පරක්කු වෙන්න ඇති.. එහෙමයි කියලා අපේ ජීවිත කඩා වැටෙන්නේ නෑ.. සාරංග නැතත් මම මගේ ජීවිතේ හදාගන්නවා.. එයත් ජීවිතේ හදාගනී. මිනිස්සු එක එක කතා කියනවා. ඒත් අපේ හිත් දන්නවා ඇත්ත නැත්ත. වැරදි කා අතිනුත් වෙනවා.” යනුවෙන් උමාලි ඇයට කියලා තිබුණා.


ලංකාවේ හොට්ම නිව්ස් එසැනින් දැන ගන්න පහත ඇති Like Button එක Click කර අපගේ faceBook ජාලයට එකතු වන්න.