ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එස්. ශ්‍රීධරන්ගේ මෙහෙයවීමෙන් කිලිනොච්චියේ පිහිටි ද්‍රවිඩ සන්ධාන කාර්යාලයේදී කළු කොටි බෝම්බකරුවන් සැමරුමක් පවත්වා ඇති බව ඊයේ දින පුවත්පත් වාර්තා කරනවා.
එම වාර්තා වලට අනුව මරාගෙන මැරුණු කළු කොටි බෝම්බකරුවකු වූ නාදන් නමැත්තාගේ සොහොයුරා මියගිය කළු කොටි නායක මිලර්ගේ ඡායාරූපය ඉදිරියේ පහනක් දල්වා උත්සවය ආරම්භ කර තිබෙනවා.
මෙම අවස්ථාවට මියගිය කළු කොටි ත්රස්තයන්ගේ පවුල්වල පිරිස් ද සහභාගිවී ඇති බව සදහන්. මෙම ද්‍රවිඩ සන්ධාන කාර්යාලය තුළ මියගිය කළු කොටින්ගේ ඡායාරූපද ප්‍රදර්ශනය කරද තිබී ඇත.
මන්ත්‍රී එස්. ශ්‍රීධරන්
ද්‍රවිඩ සන්ධානයේ මන්ත්‍රී කළු කොටි බෝම්බකරුවන් සමරයි- මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුගේ ඡායාරූප ඉදිරිපිට පහන් පත්තු කරපු හැටි .!
2017-07-10T21:49:00-07:00
Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්