රීතු ලීක් වෙච්ච වීඩියෝ එකට ඉන්දියානු තරුණියක් අල්ලයි

රීතු ගොඩක් කාර්‍යබහුලයි වගේ ?

ඔව්. මේ දවස්වල රංගන කටයුතු එක්ක ගොඩක් කාර්‍යබහුලයි.

සමහරු නම් කියනවා නිළියන් තැන හදාගන්න අධ්‍යක්ෂකවරු එක්ක විශේෂ හිතවත්කම් හදාගන්නවා කියලා. සල්ලිවලටත් චාන්ස් ලැබෙනවලු. ඔය එක ක්‍රමයක්වත් රීතු පාවිච්චි කරන්නේ නැද්ද ?

සල්ලි බලය ඔය එක එක ක්‍රමවලින් මේ ක්ෂේත්‍රයේ රදාපවතින්න නම් බෑ. ප්‍රේක්ෂකයෝ ආදරය කරනකල් තමයි අපිට මේ ක්ෂේත්‍රයේ රැදිලා ඉන්න පුළුවන්, අපි නිහතමානී, දක්ෂ කළා ශිල්පිනියෝ වුනොත් මේ ක්ෂේත්‍රයේ පවතින්න පුළුවන්, අනෙක් ක්‍රම පාවිච්චි කරන්න නම් මට උවමනා නැහැ.

ලැබීම හොඳ වුනත් සම්මානනීය ලැබීම නම් රිතුට දුරයි වගේ ?

මේ පාර රයිගම් සම්මාන උළෙලේ ජනප්‍රිය නිර්දේශ බැලුවම නම් මට හිනා ගියා. ඒ අතරේ මගේ නම නොතිබුනානම් හොඳයි කියලා තමයි මට හිතුණේ. කොහොම වුණත් අන්තිම තීරණය තියෙන්නේ ප්‍රේක්ෂකයෝ අතේ. මම ක්ෂේත්‍රයට ආපු කාලයේ ඉඳන් ජනප්‍රිය සම්මානයට නිර්දේශ වුණා. කවදාහරි මගේ ප්‍රේක්ෂකයෝ ඒ ජනතා සම්මානය මට දෙයි. කොහොම වුනත් ජනතාවෙගේ ආදරය මට අඩුවක් නැතුව ලැබෙනවා. අපි කරන චරිතයකින් ප්‍රේක්ෂකයින් පිව හඳුනාගන්නවා කියන්නෙම අපි ජනතාව අතර ගිහින් කියන එක. මම කරපු වරුනිගේ චරිතයෙන්, කාසි වත්තේ චුක්කිගේ චරිතයෙන් තාමත් මට ප්‍රේක්ෂකයෝ කතාකරනවා.

ජනප්‍රියත්වය එක්ක අනෙක් පසින් ලැබෙන දෙයක් තමයි විවේචන, ගොසිප්. මේ දේවල්වලට රිතුට ශක්තිමත්ව මුහුණ දෙන්න හැකියාව තියෙනවද ?

දැන් ගොසිප් සයිට් Views ප්‍රමාණය වැඩි කරගන්න කළා ශිල්පීන්ට මඩ ගහනවා. එයාලගේ ගොසිප් විකුණගන්න අපිට මඩ ගහන්න වෙනවා. මගේ නෑමට කැත නාමයක් ගෑවෙනවට මම කැමති නැහැ. ඒ නිසා මම ගොසිප්වලට බයයි.

වැරැද්දක් නොකොළොත් බය වෙන්න දෙයක් නෑ නේද ?

අද කාලේ හරියට හිටියත් මඩ ගහනවා. යන්තම් චරිතයක් කලොත් බේරිලා ඉන්න පුළුවන්. ප්‍රධාන චරිත කලොත් නම් මඩවලින් බේරිලා ඉන්න අමාරුයි. ඉස්සර තමයි කිව්වේ ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ කියලා. හැබැයි දැන් ගිනි නැතිවම තමයි දුම් නගින්නේ.

පසුගිය කාලේ රිතුගේ කියලා වීඩියෝ එකකුත් අන්තර්ජාලේ හරි හරියට සැරිසැරුවා නේද ?

ඔව්. එහෙම එකක් ගිය. හැබැයි එක මගේ නෙවෙයි. අපේ නම් කැත කරන්න ඔය වගේ දේවල් කරන්නේ. ඒ වීඩියෝවේ හිටියේ ඉන්දියන් ගැහැණු ළමයෙක්. තමන්ගේ Views වැඩිකරගන්න කාට වුණත් ඒ වගේ දේවල් කරන එක වැරදියි.

රිතුට ක්ෂේත්‍රයේ ඇතුලේ කැපිලි නැද්ද ?

අම්මෝ ක්ෂේත්‍රයේ අයගෙන් නම් මට කවදාවත් කැපිලි ඇවිත් නැහැ. මම කා එක්කවත් තරහා අමනාපකම් වෙලා නැහැ. මොකද මම ක්ෂේත්‍රයයි පෞද්ගලික ජීවිතයයි පටලවා ගන්නේ නැහැ. ක්‍ෂේත්‍රයේ අය මම පෞද්ගලික ආශ්‍රය කරන්නේ නැති තරම්. දැන් අපේ ගොඩක් අටිස්ලාට වෙලා තියෙන්නේ තමන්ට පෞද්ගලික ජිවිතයක් තියෙනවා කියලා අමතක වෙලා. ගොසිප් සයිට් වුනත් කලාකරුවන්ට පෞද්ගලික ජිවිතයක් තියෙනවා කියලා අමතක වෙලා. ගොසිප් සයිට් වුණත් කලාකරුවන්ට පෞද්ගලික ජිවිතයක් තියෙනවා කියලා අමතක කරලා. දැන් ඔක්කොම දේවල් පැටලිලා තියෙන්නේ.