පියුමි හංසමාලිගේ හිටපු පෙම්වතා වෙනුර, කිරිබත්ගොඩදී වෛද්‍යවරයෙකුට පහර දෙයි - CCTV Video

කිරිබත්ගොඩ ප්‍රදේශයේ හෝටලයකදී මාධ්‍යවේදියෙකුට පහරදුන් පියුමි හංසමාලිගේ පෙම්වතා යැයි පැවසෙන වෙනුර නැමැත්තා ඊයේ දිනයේදී වෛද්‍යවරයෙකුට පහර දී තිබෙන බවට වාර්තා වනවා.

අදාළ පුද්ගලයා කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඇති වෛද්‍ය මධ්‍යස්ථානයකට
බලහත්කාරයෙන් කඩා වැදී එහි සිටි වෛද්‍යවරයාට පහර දෙන ආකාරය CCTV කැමරාවකද සටහන්ව තිබෙනවා.

මේ පිළිබඳ ඇත්ත නැත්ත දැනගැනීම සඳහා හිරු ගොසිප් අපි පියුමි හංසමාලිව සම්බන්ධ කර ගත්තා එහිදි ඇය පැවසුවේ මෙවැන්නක්.

‘‘ඒ වීඩියෝ එක යාලුවො මට එවලා තිබුණා. මම ඒක බැලුවා. ඒකේ ඉන්නෙ එයා තමයි. නමුත් වෙනුර කියන්නෙ දැන් මගේ කවුරුත් නෙමෙයි. මම කැමති නැහැ ඒ ගැන කතා කරනවාට. ඒ කතාව මට  අදාළ නෑ.“

විඩියෝව පහතින්...