25 හැවිරිදි සුරූපී තරුණිය සුඛොපබෝගී රථය තුල තරුණයෙක් සමග කරපු වැඩේ

රජයේ ආයතනයක ප්‍රධානියෙකුගේ සුරූපී දියණියක් මත්කුඩු සමඟ ඊයේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම අවස්ථාවේ සැකකාරිය සතුව තිබී මත්කුඩු ග්‍රෑම් 200 ක් සොයාගෙන
ඇති බවටයි වාර්තා වන්නේ.

එහි වටිනාකම ලක්ෂ 25 ක් පමණ වන බවටයි අනාවරණ වී ඇත්තේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 25 හැවිරිදි මාලබේ ප්‍රදේශයේ පදිංචි තරුණියක්.

එම අවස්ථාවේ ඇය සමඟ තවත් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම තරුණිය අවිවාහක බවත් ඇය අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු සමඟ මාලබේ පිහිටි සුඛෝපභෝගී නිවහනක වාසය කර ඇති බවත් හෙළිවී තිබෙනවා

මොවුන් සුඛෝපභෝගී රථයකින් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටියදීයි වැටලීම සිදුකර ඇත්තේ.
කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඇය හඬා වැලපී ඇති බවයි වාර්තා වන්නේ.

මොවුන් කලක් ඩුබායි හි පදිංචිව සිට ඇති අතර එම කාලයේදී ලංකාවට මත්කුඩු එවා ඇති බවට අනාවරණ වී තිබෙනවා.

සැකකාර තරුණිය සහ සැකකාර පුද්ගලයා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



ලංකාවේ හොට්ම නිව්ස් එසැනින් දැන ගන්න පහත ඇති Like Button එක Click කර අපගේ faceBook ජාලයට එකතු වන්න.