සැමියා බලන්න ගෙදර ආපු නෑනගේ තොලට වෙච්ච දෙයක්

සහෝදරයාගේ බිරිය මුඛයේ යටි තොල සපා කෑමෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාවක් ඊයේ (26) මහනුවර මහ රෝහල වෙත මාරු කර යැවූ බව කෑගල්ල රෝහල් පොලීසිය කියයි.

මෙලෙස මහනුවර මහ රෝහලට ඇතුළත් කර ඇත්තේ පින්දෙණිය පොලිස් වසමේ පදිංචි 47 හැවිරිදි විවාහක කාන්තාවකි.

මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබන කාන්තාවගේ වැඩිමහල් සහෝදරයා බැලීමට පෙරේදා (25) මෙම කාන්තාව නවගමුවේ පිහිටි ඔහුගේ නිවෙසට ගොස් ඇති අතර එදින
රාත්‍රී 7.30 ට පමණ සහෝදරයාගේ බිරිය මෙම කාන්තාව සමඟ ආරවුලක් ඇති කර ගෙන ඇති අබවත්, එහිදී ඇය කාන්තාවගේ මුඛයේ යටි තොල සපාකෑමෙන් පසු කැඩී ගිය කැල්ල සමඟ සහෝදරයා විසින් කෑගල්ල මහ රෝහලට ඇතුළත් කරනු ලැබ ඇති බවත් වාර්තා වේ.

තුවාලකාරිය ඊයේ (26) උදේ කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කොට වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහල වෙත මාරු කර යවා තිබේ.

සැකකාර කත අත්අඩංගුවට ගැනීමට නියමිතය.