උතුරු කොරියානු නායකයාගෙන් ඉරාජ් සමාව ඉල්ලයි - ‘‘සර් අපිට බෝම්බ ගහන්න එපා.. අපි ගොඩක් අසරණ මිනිස්සු.. අතේ සතේ නෑ.. ඊයේ වරායත් විකුණුවා..‘‘

උතුරු කොරියාව විසින් දිගින් සිගටම කරන මිසයිල අත්හදා බැලීම පසුගියදා ශ්‍රී ලංකාවේ අප්‍රසාදයට ලක්ව තිබුණා.

ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව තර්ජනයට ලක්කරමින් උතුරු
කොරියාව සිදු කරන එදිරිවාදී ක්‍රියාකාරකම් දැඩිව හෙළා දකින බව ශ්‍රීලංකාව එමගින් පවසා තිබුණා.

කෙසේ වෙතත් මෙම නිවේදනය මෙරට සමාජ ජාල ඇතුළු වෙබ් අඩවි වලද දැඩි කතාබහට ලක්වූ අතර ඒ සම්බන්ධයෙන් සමාජ ජාල වල දැක්වූ අදහස් හා නිර්මාණ කිහිපයක් අප මින් පෙර ඔබ වෙතගෙන ආවා.

මීට සුලු මොහොතකට පෙර ගායන ශිල්පි ඉරාජ්ද සිය ෆේස්බුක් පිටුව ඔස්සේ මේ සම්න්ධයෙන් සටහනක් පලකර තිබුණා.එහි දැක්වුනේ ඉරාජ් උතුරු කොරියානු ජනපතිගේ යැයි කියවෙන  ෆේස්බුක් ගිණුමකට යැවූ පණිවුඩයකි.

‘‘සර් අපිට බෝම්බ ගහන්න එපා අපේ අය පොඩි විහිලුවක් කළේ..අපි ගොඩක් අසරණ මිනිස්සු අතේ සතේ නෑ ඊයේ වරායත් විකුණුවා දෙවි පිහිටයි ‘‘ යනුවෙන් එහි සඳහන් වී තිබුණා.




ලංකාවේ හොට්ම නිව්ස් එසැනින් දැන ගන්න පහත ඇති Like Button එක Click කර අපගේ faceBook ජාලයට එකතු වන්න.