බුකියෙන් සෙට් වෙච්ච තරුණ තරුණියෝ අවිස්සාවේල්ල ගමක කරපු නොහොබිනා ක්‍රීයාව

ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවිය හරහා සංවිධාණය වී මත්පැන් සාදයක් පැවැත්වූ තරුණ තරුණියන් පිරිසක් පිළිබදව අව්ස්සාවෙල්ල ප‍්‍රදේශයෙන් වාර්තා වනවා.

ෆේස්බුක් වෙබ් අඩවිය ඔස්සේ හදුනාගෙන හා සංවිධාණය වී ඇති මෙම තරුණ පිරිස අවිස්සාවෙල්ල පුවක්පිටිය සිරිසඳ ප්‍රදේශයේ මෙම මත්පැන් සාදය පවත්වා තිබෙනවා.

පසුව මෙම ස්ථානයට පොලීසිය කඩාවැදී ඇති අතර තරුණ තරුණියන්ට මත්පැන් හා මත් පෙති ලබා දුන් සංවිධායකයා ද පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

කෙසේ වෙතත් කොළඹින් පිටත මෙවැනි ගමක පැවති මත් පෙති සාදයක් වැටලූ ප‍්‍රථම අවස්ථාව මෙය බවත් එම අවස්තාවේදී එහි සිටි සියලු දෙනා මත්පෙති ගැනීම නිසා සිහිවිකල්ව සිටි බවත් පොලීසිය පවසනවා.

පොලීසිය දින දෙකක් පුරා පැවති මෙම රහසිගත මත්පැන් සාදය වටලන අවස්ථාවේදී අධික වටිනා කමින් යුතු විදේශීය මත්පැන් බෝතල් විශාල ප‍්‍රමාණයක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.



ලංකාවේ හොට්ම නිව්ස් එසැනින් දැන ගන්න පහත ඇති Like Button එක Click කර අපගේ faceBook ජාලයට එකතු වන්න.