ගම්පහ පාළු ප්‍රදේශයකදි අශෝභන ලෙසින් හැසිරුණු බාලවයස්කාර පාසල් පෙම්යුවලකට වෙච්ච වැඩේ

ගම්පහ නගරය ආසන්නයේ පිහිටි ලැගූම්හල්,  සිනමාශාලා සහ පාළු ස්ථාන හදිසියේ සෝදිසියට ලක් කිරීමේ දී නගරයේ පාළු ප්‍රදේශයක අශෝභන ලෙසින් සිටි පාසල් සිසුවියක  සහ සිසුවකු පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙලෙස පොලිස් භාරයට ගත සිසුවා 17 හැවිරිදි වියේ පසුවන අතර සිසුවිය 15 හැවිරිදි වියේ පසුවන බව සදහන්.

මෙම පාසල් පෙම්වතාගේ සහ පෙම්වතියගේ දෙමාපියන් පොලිසියට කැඳවූ අවස්ථාවේ සිසුවියගේ මව ලෙස පෙනී සිටිමින් සිසුවාගේ නැන්දා පැමිණ තිබීම විශේෂත්වයක්.
පොලිසිය නොමැග යැවීමේ චෝදනාව මත  ඇය අත් අඩංගූවට ගෙන තිබෙනවා.

මෙම පාසල් පෙම් යුවල අශෝභන ලෙස හැසිරී ඇත්තේ නව මිනුවන්ගොඩ මාර්ගය ආසන්නයේ පාළු ප්‍රදේශයකයි.

සති අන්ත දිනයන්හිදී ගම්පහ නගරයට 80000 කට අධික තරුණ සිසුන් පිරිසක් පැමිණෙන බැවින් 16 වනදා මෙම හදිසි සෝදිසිය ක්‍රියාත්මක කර තිබෙනවා.

පොලිස් බාරයට ගත් සිසුවා සහ සිසුවිය ඔවුන්ගේ මවුපියන්ට බාරදීම සඳහා ඔවුන්ගේ මවුපියන් කැඳවීමට පොලිසිය පියවර ගත්තේ සිසුවාගෙන් හා සිසුවියගෙන් ලබාගත් දුරකථන අංකයවලට අනුවයි.

කෙසේ වෙතත්  දැරියගේ මව ලෙසට ඊයේ (17) පොලිසියට පැමිණි කාන්තාවගේ හැසිරීම ගැන කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපතිනීයට සැක සිති තිබෙනවා.

එම කාන්තාවගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී  එම කාන්තාව දැරියගේ මව නොව පෙම්වතාගේ පියාගේ නැගනිය ය බව අනාවරණ වූ බව සදහන්.

පෙම්වතියට කරදරයක් වේ යන බියෙන් තම නැන්දා ඇගේ අම්මා ලෙස පොලිසියට ගෙන් වූ බව පෙම්වතා පවසා ඇතැයි සඳහන්.

ඊයේ පස්වරුවේ මොවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙම්වතා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර නැන්දාට ඇප ලබා දී තිබෙනවා.

පෙම්වතා විසින් සිය පෙම්වතිය රැගෙන පැමිණි යතුරුපැදියට බලපත්‍ර නොතිබූ අතර ඔහුට එය පැදවීමට ද බලපත්‍ර නොතිබීම විශේෂත්වයක්.