යුද හමුදා රගර් ක්‍රීඩකයා පෙම්වතියත් එක්ක සෙට් වෙලා ගහපු ගේම දෙහිවලදි මාට්ටු - Video


පෙම්වතියයි යාලුවොයි එක්ක සෙට්වෙලා...
ස්කූටි බයික් එකේ අංක වෙනස් කරගෙන...
කුඩුවලට ඇබ්බැහිවෙලා...

අංක තහඩු මාරු කරමින් යතුරුපැදියෙන් ගොස් ප්‍රදේශය හයක කාන්තාවන්ගෙන් රුපියල් ලක්ෂ 20 කට අධික වටිනා ගෙල බැඳි  රන් මාල කැඩීම් සිදුකළ යුද හමුදා රගර් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු ඇතුළු
සිව් දෙනෙකු පසුගිය 5 වැනිදා දෙහිවල ගුවන් පාලම අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත්වූවන් අතර සැකකරුගේ පෙම්වතිය හා එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකුද වනවා.

සැක සහිත පුද්ගලයෙකු දෙහිවල ගුවන් පාලම අසල රැඳී සිටින බවට දෙහිවල පොලිසියට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා එම ස්ථානයට යෑමේදී පොලිස් නිලධාරීන් බව හඳුනාගත් සැකකරු පලා යෑමට උත්සාහ කිරීමත් සමග දැඩි පරිශ්‍රමයක් දරා පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෙම්වතිය හා අත්අඩංගුවට ගත් සහෝදරයන් දෙදෙනාගෙන් වැඩිමහල් පුද්ගලයා සමගද ගොස් දෙහිවල පොලිස් වසමේදී කාන්තාවන් පැළඳ සිටි රන් මාල 13 ක්, බොරලැස්ගමුවේදී මාල 2 ක්, කොහුවල, පිළියන්දල, වැල්ලවත්ත ප්‍රදේශවලදි රන් මාලය බැගින් කොල්ලකා ඇති බවට තොරතුරු හෙළිව තිබෙනවා.

කොල්ල කණ්ඩායමේ ප්‍රධාන සැකකරු වන යුද හමුදා රගර් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයා පෙම්වතිය සමග දෙහිවල, ගල්කිස්ස ආදි ප්‍රදේශවල හෝටල් කාමරවල ගත කර ඇත්තේ කොල්ල කෑ රන් ආභරණ උකස් තබා ලබා ගත් මුදල් වැය කර බවද පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සියලු දෙනාම කලින් මත්කුඩුවලට ඇබ්බැහිවූවන් බවද පොලිසිය පවසනවා.