සරාගී නිළි සනී ලියෝන් හිටි හැටියේ මවක් වෙයි.

ආදී කාලේ දරුවෙකු අරන් හදාගැනීම පිළිකුලෙන් යුතුව කාලයක්. එය අසුභවාදී දෙයක් හැටියටයි කවුරුත් හිතුවේ. නමුත් පසුගිය කාලේ හොලිවුඩ් බොලිවුඩ් නළු නිලියන් විලාසිතාවක් විදිහට දරුවන් හදා ගන්න
ගත්ත නිසා බොහෝ කතා බහට ලක්වෙන හා එය උතුම් ක්‍රියාවක් බවට බොහෝ අය හිතුවා.

පසුගියදා බොලිවුඩ් නිළි සනී ලියෝන් සහ ඇගේ ස්වාමිපුරුෂයා ඩැනියල් වෙබර්, අවුරුද්දයි මාස නවයක් වයසැති දියණියක් හදා වඩා ගැනීමට තීරණය කර තිබෙනවා.

මහාරාෂ්ට ප්‍රාන්තයේ උපත ලැබූ ඇයට නම් තබා ඇත්තේ නිශා කෝර් වෙබර් ලෙසයි. නිශාව දුටු ගමන්ම ඇය කෙරෙහි ආදරයක් ඇති වූ බවයි සනිලියොන් කියන්නේ.

“ ඒක හරිම අලුත් අත්දැකිමක්. මොකද නිශා ගෙදරට ඇවිත් තාම දවස් කිහිපයයි. මම හරීම සතුටින්,හැඟීම්බර වෙලා ඒවගේම කියාගන්න තරම් බැරි අදහස් ගොඩක් හිතේ තියෙනවා,” යනුවෙන් සනී මාධ්‍යට ප්‍රකාශ කර තිබෙනවා.

“අපේ ජිවිත හැමවෙලේම ගෙවුණේ සැහැල්ලුවෙන්. ඒ නිසා අපිට දරුසුරතල් බලන්න ආස හිතුණා නමුත් අපිට අවුරුදු දෙකක් තිස්සේ බලාගෙන ඉන්න සිදු වුණා. ලිපි ගොණු සම්පුර්ණ කරනකල්. හදිස්සියේම  ඊමේල් එකක් ලැබුණා  ඔබට දරුවෙක් හදාගන්න පුළුවන් කියලා. ඒක හිතාගන්නවත් බැරි වුණා,”  ඩැනියල් කියන්නේ එහෙමයි.

“ඇත්තටම අපි නිශා තෝරාගත්තේ නැහැ . ඇයයි අපව තෝරාගත්තේ,” අලුතින් මව් පදවිය ලැබූ සනී ලියොන් ඔවුන්ගේ ජිවිතයට එක් වූ සුන්දර වෙනස ගැන ඉතාමත් සතුටින් instagram හි පළකරලා තිබුණා.