ඡන්දවලට ණය නැති මිනිසා

රටපුරා දිස්ත්‍රික්ක කිහිපයක ලක්ෂ ගණනක ජනතාවක් තවමත් සිටින්නේ අවතැන් කඳවුරු තුළය. මේ වනවිට 202 කට ආසන්න ප්‍රමාණයක් මියගොස් පවුල් එක් ලක්ෂ 63,701 කට අයත් පුද්ගලයින් හය ලක්ෂ 29,742 දෙනෙකු පීඩාවට පත්ව සිටියි.

මෙවන් තත්වයකදී ජනතා නියෝජිතයන්ගේ සංවේදීතාවය පිළිබදව විමසන කල  නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ගැන සඳහනක් කළ යුතුමය.

මංකොල්ලයකට හවුල් පොලිස් ලොක්කෙක් අතුරුදහන්

කොළඹ පොලිසියක රථවාන අංශයේ ස්ථානාධිපතිවරයකුව සිටි අයෙකු සොයා පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

පොලිසිය මේ මෙහෙයුම ආරම්භකර ඇත්තේ අදාළ ස්ථානාධිපතිවරයා හා තවත් පොලිස් නිලධාරීන් සිවුදෙනෙකු කොළඹ සිදුවූ මංකොල්ලයකට සම්බන්ධ බවට තොරතුරු අනාවරණයවීමෙන් පසුවය.

ලංකා සීනි සමාගම ඈවර කිරීමට නියෝගයක්

ගල්ඔය වැවිලි සමාගමට ගෙවිය යුතු රුපියල් කෝටි පහළොවකට අධික මුදල ගෙවීම සඳහා ලංකා සීනී සමාගම ඈවර කරන බව සඳහන් කරමින් ගැසට් නිවේදනය සහ පුවත්පත්වල දැන්වීම් පළ කරන ලෙස කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ගාමිණි අමරසේකර මහතා අද(31) නියම කළේය.

ශ්‍රීලනිපයේ කැබිනට් ප්‍රකාශක පුටුව දයාසිරිට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සම කැබිනට් ප්‍රකාශකවරයෙකු ලෙස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පත් කර තිබේ.

ඊයේ (30) දිනයේ අදාළ පත්වීම සිදුකර ඇති බව වාර්තා වේ.

මේ වන විටත් ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා සහ රාජිත සේනාරත්න අමාත්‍යවරයා සම කැබිනට් ප්‍රකාශකවරුන් ලෙස කටයුතු කරනු ලබයි

ඥාණසාර හිමි අදත් අධිකරණයට ඇවිත් නෑ

අධිකරණයට අපහාස කළ බවට චෝදනා එල්ල වී ඇති බොදු බලසේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව උන්වහන්සේගේ නීතිඥවරයා අද(31) අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.

ගංවතුර ඇති වුනේ අධිවේගී මාර්ග හැදු නිසා

මෙරටට ඇති වූ ගං වතුර ආපදා තත්වයට හේතු වූයේ පසුගිය රාජපක්‍ෂ පාලන සමයේ අවිධිමත්ව ඉදි කරනු ලැබූ අධිවේගී මාර්ග බව ආණ්ඩුවට හිතවාදී වෙබ් අඩවි කිහිපයකම පුවත් පල කර ඇත.

එම අධිවේගි මාර්ග ඉදිකිරීමේදී පහත්බිම් හරස් වීමෙන් මෙම ගං වතු තත්වයන් ඇති වූ බවද ඒවායේ සදහන්ය.

ආපදා පවතින ප‍්‍රදේශවල පාසල් දරුවන්ට නිළ ඇඳුම් අනිවාර්ය නොවේ

පවතින ආපදා තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක් වූ ප‍්‍රදේශවල පාසල් දරුවන්ට පාසල් නිළ ඇදුම් ඇද පාසලට පැමිණීම අනිවාර්යය නොකරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරනවා.

මහින්ද අද ජපානයට යයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද (31) ජපානය බලා පිටත්ව යැමට නියමිතය.

මෙම සංචාරය පිළිබඳව කළ කරුණු විමසීමකදී මහින්ද රාජපක්‍ෂ මහතා කියා සිටියේ බෞද්ධ විහාරස්ථානයක පැවැත්වෙන ආගමික උත්සවයක් සඳහා ජපානයට යන බවයි.
දින 10කට ආසන්න කාලයක් ජපානයේ රැඳී සිටින හෙතෙම එරට සිටින ශ්‍රී ලාංකිකයන් හමුවී සාකච්ඡා කිරීමටද නියමිතව තිබේ.

මහින්ද ආපදා ප්‍රදේශයන්හි සංචාරයක

එසේ අද දින විදේශගතවීමට සිටින හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා, පසුදා කළුතර දිස්ත්‍රික්කයේ ආපදාවලට ලක්වූ ප්‍රදේශ වල සංචාරය කළේය.
එහිදී ඔහු බුලත්සිංහල ආසනයේ පාහියන්ගල නාය ගිය ස්ථාන වලට ගොස් පීඩාවට පත් වූ ජනතාවගේ සුවදුක් විමසා බැලිය.

මම ඡන්දෙට එන්නේ නෑ – ගෝඨාගෙන් විශේෂ ප්‍රකාශයක්

“මම මැතිවරණයකට ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒක නිසා දිවිත්ව පුරවැසිභාවය පිලිබඳ ගැටලුව මට අදාළ වෙන්නේ නැහැ.” යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී මාධ්‍යවේදීන් හමුවේ ඊයේ (29) පැවසීය.

පාවෙන අවි ගබඩාවක් ස්ථාපිත කර පවත්වාගෙන යාමට ඇවන්ගර්ඩ් මැරිටයිම් සර්විස් පෞද්ගලික සමාගමට අවකාශය සැලසීමෙන් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් පවරා තිබෙන නඩුවකට පෙනී සිටි අධිකරණයෙන් පිටතට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා එසේ පැවසීය.

දෑතින් මිනී ඇද්ද ඇමති දැන් විපතට පත් ජනතාවට කරපිටින් බඩු අදින හැටි


පවතින අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් ජනතාවට බඩු බාහිරාදිය බෝට්ටු වලින් ගෙන ගොස් ජනතාව වෙත තම කර මතින්ම නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම විසින් රැගෙන යන අයුරුයි මේ.

ඔහු දැන් විපතට පත්වූවන්ට සහනාධාර ගෙන යන අයුරු දක්නට ලැබුණද මීට දින කිහිපයකට පෙර ඔහු දක්නට ලැබුණේ මිය ගිය මිනිසුන්ගේ සිරුරු දෑතින් ඔසවාගෙන යන අයුරුය.

එස්.එම්.මරික්කාර් තම මන්ත්රීව වැටුප පරිත්යාග කරයි

මේ වන විට දිවයිනේ දිස්ත්රීෙක්ක 14 ක ඇතිව තිබෙන ගංවතුර සහ නායයෑම් වැනි ස්වභාවික විපත් නිසා අවතැන්ව සිටින ජනතාවට සහන සැලසීම පිණිස, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්රී  කණ්ඩායම ඊයේ දිනයේ  තීරණය කරන ලදී. එම කාර්යට ප්රතථම වරට මුල පුරමින් තම සම්පූර්ණ මන්ත්රීඊ වැටුප රජයේ ආපදා කළමණාකරණ අරමුදලට බැර කරන ලෙසට පාර්ලිමේන්තු මන්ත්රීැ එස්.එම්.මරික්කාර් මහතා පාර්ලිමේන්තු මහලේකම්වරයාට අද උදෑසන ලිපියක් යොමු කරමින් දන්වා ඇත.

උපාලි ධර්මදාසට වසරක සිරඳඩුවමක්

සාජා අධිකරණයක් විසින් උපාලි ධර්මදාස මහතාට වසරක සිර දඬුවමක් ලබාදීමෙන් පසුව ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බවට ලබාදුන් සෞඛ්‍ය වාර්තා අනුව අදාළ සිරදඬුවම වසර තුනකට අත්හිටුවා ඇතැයි වාර්තා වේ.

නවලෝක පොලිපැක් කර්මාන්ත ශාලාව අයිතිකර ගැනීමට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කළ බවට සාජා පොලිසිය විසින් ගොනුකර තිබූ නඩුවක් විභාග කිරීමෙන් පසුව මේ තීන්දුව ලබාදී ඇත.

මිලියන 3ක හොර සිගරට් රේගුවේ අල්ලයි

නීති විරෝධි ලෙස මෙරටට ගෙන්වූ රුපියල් මිලියන 3ක වටිනාකමකින් යුත් දුම්වැටි තොගයක් ගුවන්තොටුපළ රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සහ අද(29දා) අලුයම 2.00ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට දෝහා කටාර් සිට පැමිණි QR 668 සහ QR 1070 යානා මඟින් පැකැට්ටු 300ක් ලෙස මෙම දුම්වැටි අසුරා ගෙන රැගෙන විත් ඇති බවට නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා කියා සිටියි.

සැකකරුවන් කොළඹ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 36 සහ 38 හැවිරිදි පුද්ගලයන් බව වාර්තා වේ.

රේගුව විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීමෙන් අනතුරුව සැකකරුවන්ට දඩ මුදලක් නියම කරන බවත්, අනතුරුව දුම්වැටි තොගය කඩිනමින් විනාශ කිරීමට පියවර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියි.

දිස්ත්‍රික් අටක පාසල් සිකුරාදා තෙක් වසා දමයි

ගංවතුර තත්වය හේතුවෙන් ආපදාවට පත් කොළඹ, ගාල්ල, මාතර, ගම්පහ, රත්නපුර, කෑගල්ල, කළුතර හා හම්බන්තොට යන දිස්ත්‍රික්කවල සියලුම පාසල්වලට හෙට දිනයේ (30) සිට ලබන සිකුරාදා දක්වා නිවාඩු ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මහින්දගේ පුත්තු තිදෙනාත් සහන සේවයේ (Photos)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතුන් තිදෙනාද ආපදාවට පත්වූවන්ට සහන සැලසීමේ මෙහෙයුමට එක්ව සිටියි.

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා, අවතැන් වූ ජනතාවට සහන සැලසීම සඳහා ඊයේ මාතර ප්‍රදේශයට පැමිණ සිටි අතර, යෝෂිත රාජපක්ෂ හා රෝහිත රාජපක්ෂ මහත්වරුන් ඊයේ සවස විපතට පත්ව අවතැන්ව සිටින ජනතාවට ආධාර පිරිනැමීම සදහා ඇල්පිටිය අවිත්තාව පානිගොඩ ප්‍රදේශයට පැමිණ සිටියේය.

මෙම අවස්ථාවට ඕපාත අවිත්තාව තපස්ලෙන් විහාරස්ථානයේ නායක හාමුදුරුවන්ද එක්ව සිටියහ.

සහල් සඟවන වෙළෙඳුන්ට වැඩ වරදී

සහල් සඟවා තබා ගන්නා වී මෝල් හිමියන්ට සහ දේශීය සහල් වශයෙන් ආනයනික සහල් අලෙවි කරනු ලබන වෙළෙඳුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට පාරිභෝගික සේවා අධිකාරිය ප්‍රකාශ කරයි.

ඒ අනුව වී මෝල් හිමියන් සහ සහල් ආනයනකරුවන් සතුව ඇති තොග සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර ඒවා පාරිභෝගිකයන් අතර බෙදී ගොස් ඇති ආකාරය සම්බන්ධයෙන්

උණුකර ගත් ජලය හෝ බෝතල් කල ජලය පමණක් බීමට ගන්න

පවතින ගංවතුරෙන් හා වැසි ජලයෙන් පීඩාවට පත් ප්‍රදේශවල ජනතාව ජලය භාවිත කිරීමේදී උණුකර නිවාගත් ජලය හෝ බෝතල් කළ ජලය පමණක් භාවිත කරන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මීට අමතරව ජලයෙන් යටවී තිබූ නිවාස භාවිතයට පෙර පිරිසුදු කාරක යොදවා පිරිසුදු කරගන්නා ලෙසත්,

හිත් සහ වත්කම් - පුදන්නට - බෙදන්නට කාලයයි

හදිසි ගංවතුර තත්වය නිසා ආපදාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් ඔබත් ඔබේ හදවතේ උපන් කරුණාවේ වත්කම අපිට ගෙනවිත් බාර දෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමු.

අවතැන්වුවන්ට අවශ්‍ය කරන වියළි ආහාර, පැනඩෝල්, ඉටිපන්දම්, පානීය ජලය, ඇඳූම් ඇතුලු  විවිධ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය අංක 30, දෙවැනි මහල, බත්තරමුල්ල පාර, ඇතුල්කෝට්ටේ (සිරිපැරකුම්බා පිරිවෙන අසලා පිහිටි ආධාර එකතු කිරිමේ මධ්‍යස්ථානයට ගෙනවිත් බාරදෙන්න.

විමසීම් - 0114546362
0716859921 - අචලා

සබීතාගේ බිල්ඩිමේ කාමර වෙන්න කරන්න දාහතර කෝටියක්

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් මාසික දොකෝටි හතලිස් ලක්‍ෂයක කුලී මුදලට ගෙන ඇති රාජගිරියේ ගොඩනැඟිල්ලේ කාමර වෙන් කිරීමට රුපියල් දාහතර කෝටි දාහතර කා්ටියක මුදලක් වැය කර තිබේ.

ඇමති ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ ලේඛණයක මේ බව දැක්වෙයි.

එහි කාමර වෙන්කිරීම, ගෘහ භාණ්‌ඩ හා කාර්යාලයීය උපකරණ මිලදී ගැනීමට වැය කර ඇති මුදල රුපියල් දාහතර කෝටි දාහතර ලක්‌ෂ විසිහය දහසක්‌ බවද එහි සදහන්ය.

පොලීසියට නිවාඩු අවලංගුයි

පවතින ආපදා තත්ත්වය සැලකිල්ලට ගනිමින් සියලූම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා.

නිවාඩු ගොස් සිටින නිලධාරීන්ටද වහා සේවයට වාර්තා කරන ලෙසටයි පොලිස් මූලස්ථානය දැනුම් දෙන්නේ.

චැම්පියන් කුසලාන පෙරහුරු තරඟයේ ජය ඔස්ට්‍රේලියාවට

චැම්පියන්ස් කුසලාන තරගාවලියේ පළමු පෙරහුරු තරගයට ශ‍්‍රී ලංකාව ඊයේ සහභාගී වූයේ ඔස්ට්‍රේලියාව සමගිනි.

එහිදී කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු පිළ පළමුව පන්දුවට පහර දීමට  ශ‍්‍රී ලංකීය පිළට ඇරයම් කළා . ශ‍්‍රී ලංකාව  ශ‍්‍රී ලංකීය කණ්ඩායම් තම පන්දුවාර 50 තුළදී කඩුලු 7ක් දැවී  ලකුණු 318ක් රැස් කල අතර ඔස්ට්‍රේලියානු පිළ හමුවේ තියුණු පරාජයකට ලක් විය.

පාතාලයට බියේ පොලිස් ඔත්තුකරුවෝ රටින් පනිති

දකුණේ පාතාලයට එරෙහිව පොලිසියට ඔත්තු සැපයන පොලිස් ඔත්තුකරුවන් ඝාතනයවීමේ රැල්ලක් ඇතිවී ඇතියි පාතාල මර්දන අංශ වලින් වාර්තා වේ.

පසුගිය මාස කිහිපයේදී පොලිස් ඔත්තුකරුවන් තිදෙනෙකු දකුණේ පාතලය අතින් ඝාතනය වී ඇති බවද වාර්තා වේ.

නිල්වලා ගඟේ ජල මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළට

නිල්වලා ගංඟාවේ ඉහළ ප්‍රදේශයට ලැබුණු වර්ෂා ජලය පහළට ගමන් කිරීම හේතුවෙන් එහි ජල මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව නිල්වලා යෝජනා ක්‍රමය යටතේ ඉදිකර ඇති ගංවතුර ආරක්ෂිත බැමි මට්ටම දක්වාම ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇත.

ගල්කිස්සේ ගණිකා නිවස පොලීසිය වටලයි

ආයුරුවේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් ගල්කිස්ස වටරැප්ප ප‍්‍රදේශයේදී ඊයේ දිනයේ පොලීසිය විසින් වටලා තිබෙනවා.

ඒ අනුව එහි සිට අදාල ගණිකා නිවාසයේ කළමණාකාර වරයා හා කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.   අත්අඩංගුවට  පත් වූ පුද්ගලයින් දෙදෙනා වයස් අවුරුදු 21 හා 38 වයස් වල පසුවන අවිස්සාවෙල්ල හා දිවුලදෙනිය ප‍්‍රදේශවල පදිංචි කරුවන් බවයි වාර්ථා වන්නේ.

අධික වර්ෂාව හේතුවෙන් විභාග කිහිපයක් කල් යයි

අද හා හෙට දිනයේ් පැවැත්විමට නියමිතව තිබූ රාජ්‍යය කළමණාකරණ සහකාර තුන්වන සේවයට බඳවා ගැනීමේ සීමිත හා විවෘත තරඟ විභාගය කල් දමා තිබෙනවා.

ඒ අයහපත් කාලගුණ තත්ත්වය හේතු කොට ගෙනයි. මීට අමතරව අද දින පැවැත්විමට නියමිතව තිබූ සහකාර රියදුරු උපදේශකයින් ලියාපදිංචිය සඳහා වන ලිඛිත විභාගය ද අවලංගු කළ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ආපදා කලමනාකරණයට වැඩබලන ඇමතිවරයෙක්

ආපදා කලමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ජනාධිපතිවරයා සමග ඕස්ට්‍රේලියාවේ නිල සංචාරයට සහභාගී වී ඇති බැවින්, එම තනතුරේ වැඩ බැලීමට නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද මහතා පත්කොට ඇත,

ආපදා තත්ත්වය සම්බන්ධයෙන් අනුර ප්‍රියදර්ශන යාපා මහතා ගෙන් කළ විමසීමකදී ඔහු එබව පැවසිය.

නියොජ්‍ය මුදල් ඇමැති හර්ෂ හෝ ඉරාන්

විදේශ කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන හර්ෂ ද සිල්වා මහතාට මුදල් නියෝජ්‍ය අමාත්‍ය තනතුර ඉදිරි දින කිහිපයේදී ලැබෙනු ඇතැයි ආණ්ඩුවේ ඉහළ පෙළේ ඇමැතිවරයෙක් පැවසිය.

මෙම නියෝජ්‍ය ඇමැති මාරුවට හේතුව රවී කරුණානායක සහ හර්ෂ ද සිල්වා අතර ආරාවුලක් බව දැනගන්නට ලැබෙන අතර, මෙම නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩල මාරුව ගැන සඳහන් කරමින් ආණ්ඩුවේ තවත් අමාත්‍යවරයකු ප්‍රකාශ කළේ ඉරාන් වික්‍රමරත්න මහතාට මුදල් නියෝජ්‍ය අමාත්‍ය තනතුර ලබා දී හර්ෂ ද සිල්වා මහතාට කබීර් හෂීම් මහතාගේ අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය තනතුර ලබා දීම කෙරෙහි ද අවධානය යොමු වී ඇති බවයි.

ඉහත අදහස් දැක් වූ අමාත්‍යවරුන් දෙදෙනාම ප්‍රකාශ කළේ නියෝජ්‍ය අමාත්‍ය තනතුරු හා රාජ්‍ය අමාත්‍ය තනතුරු වෙනස්වීම තවත් සති දෙකකින් හෝ මාසයකින් පමණ ඉදිරියට යනු ඇති බවයි.

එයට හේතු ලෙස ඔවුන් ප්‍රකාශ කළේ ඉදිරි දින කිහිපයකදී සංවිධානය වී තිබෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇමරිකානු සංචාරයයි. එම සංචාරය සති දෙකක පමණ කාලයකට සංවිධානය කර ඇති බව ද ඔවුන් සඳහන් කළේය.

පවතින තත්ත්වය යටතේ අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතර මත ගැටුම් ඇති වී ඇතැයි ද ඒ නිසා අදාළ වෙනස්කම් සිදුවීමේ වැඩි ඉඩකඩක් ඇතැයි ද ඔවුහු වැඩිදුරටත් ප්‍රකාශ කළෝය.


(රාවය)

අධිවේගී මාර්ගය භාවිතා කරන අය සැලකිලිමත් වන්න

වැසි සහිත අවස්ථාවල අධිවේගී මාර්ගය භාවිත කිරීමේදී රථ වාහනවල වේගය පැයට කිලෝමීටර් 60ක් ලෙස පවත්වා ගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය ජනතාවට උපදෙස් ලබා දී තිබෙනවා.

අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා ප්‍රකාශ කළේ, දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදූව ප්‍රදේශය ආශ්‍රිතව

බුලත්සිංහල නායයාමෙන් නවයක් මරුට

බුලත්සිංහල බෝගහවත්ත කන්ද නාය යාමෙන් මිය ගිය නව දෙනෙකුගේ සිරුරු පිඹුර රෝහලට අැතුළත් කළ බව වෛද්‍ය අධිකාරි ජි.ඩී.ආර්.රුද්‍රිගු මහතා පවසයි.

තවත් නිවාස රැසක් නාය යාමේ තර්ජනයට ලක්වී ඇති බවත් නිවාසවල ඉරි තැලිම් දක්නට ඇති බවත් ප්‍රාදේශීය ලේකම් එස්.කේ.සේනාධීර මහතා පැවසීය.

ගාල්ලේ කර්මාන්ත ශාලාවකට පස්කන්දක් කඩාවැටී 5ක් මරුට

ගාල්ල නෙළුව තේ කර්මාන්ත ශාලාවක් මතට පස්කන්දක් කඩාවැටීමෙන් පුද්ගලයන් 5 ක් මියගොස් තිබෙනවා.

මෙම අනතුරින් තවත් කිහිපදෙනෙකු අතුරුදන්ව ඇති බවටයි පොලිසිය පවසන්නේ.

වෙයංගල්ලේ නායයෑමක්-7ක් මරුට-3ක් අතුරුදන්

වෙයංගල්ල - අහලවත්ත ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයෙන් 7ක් මිය ගොස් තවත් 3 දෙනෙකු අතුරුදන් වී ඇති බව පවසයි.

නිවසේ සිටි සියල්ලන් පස් කන්දට යට වී ඇති අතර ඉන් කුඩා දරුවන් සිව් දෙනෙකුගේ සිරුරු හමුවී ඇති බව වාර්තා වෙයි.

පාසල් ළමුන්ට 6 සිට ලිංගික සෞඛ්‍ය පාඩමක්

ළමා අපචාර, ලිංගික හිරිහැර හා බාලවයස්කාර දැරියන් ගැබ් ගැනීම් වැළැක්වීමේ පියවරක් වශයෙන් 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පාසල් ළමයින්ට ලිංගික ප්‍රජනන සෞඛ්‍ය විෂය ඉගැන්වීමට පාර්ලිමේන්තුවේ කාන්තා සහ ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ ආංශික අධීක්‍ෂණ කාරක සභාව තීරණය කරයි.

නියමු ව්‍යාපෘතියක් වශයෙන් මේ විෂය ඉගැන්වීම සඳහා බස්නාහිර පළාතේ ගුරුවරුන් පුහුණු කිරීම ජුනි මාසයේ සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව එම ආංශික කාරක සභාවේ සභාපති කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රි වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මිය ප්‍රකාශ කළාය.

ඥාණසාර හිමි අත්අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමක් ඇරඹෙයි

බොදුබල සේනා මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය මෙහෙයුමක් ආරම්භ කර තිඛෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පැවසුවේ මේ සදහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවයි.

අධිකරණ නියෝගයක් මගින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට විදේශගත වීම ද තහනම්කර තිඛෙනවා.

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර තර්ජනය කිරීම සහ ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයෙන් වෛරී ප්‍රකාශ සිදු කිරීම උන්වහන්සේට එරෙහි චෝදනායි.

ප්‍රසන්න රණතුංගගෙන් මෛත්‍රීට රහසිගත ලිපියක්

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කර ඇති ලිපියක් පහත දැක්වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගරු සභාපති,
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොටුව,

අතිගරු ජනාධිපතිතුමනි,

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වර්තමානයේ මුහුණ දී තිබෙන අවාසනාවන්ත තත්ත්වයෙන් මුදා ගැනීම සම්බන්ධවයි
මෙවැනි ලිපියක් ඔබතුමා වෙත යොමු කරනු ලබන්නේ 70 දශකයේ සිට මිය යන තෙක්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උන්නතිය සහ ජයග්‍රහණය වෙනුවෙන් ලේ, කඳුළු, දහදිය හෙලූ සැබෑ පාක්ෂිකයකු වන රෙජී රණතුංග මැතිතුමන්ගේ පුත්‍රයා ලෙසය. එසේම 1993 බස්නාහිර පළාත් සභා මැතිවරණයේ සිට 2015 මහ මැතිවරණය දක්වා ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉහළම මනාප ලබා ගනිමින් ජනතා විශ්වාසය තහවුරු කරගත් ජනතා නියෝජිතයකු ලෙසය. ඒ කිසිවකටත් වඩා දිවා රෑ දෙකෙහිම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණයම පැතූ ඒ වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයකු ලෙසය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අද උරුමව ඇති ඉරණම සම්බන්ධයෙන් සැබෑ පාක්ෂිකයකු ලෙස මසිතේ ඇත්තේ බලවත් කණගාටුවකි. ‍2015 ජනවාරි 08 වැනි දා වන විට විධායක ජනාධිපතිවරයකුගේ නායකත්වය යටතේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකුත් පළාත් සභා 9න් 8කත් පළාත් පාලන ආයතන සියල්ලම පාහේත් පාලන බලය හිමිකර ගෙන සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප%මුඛ සන්ධානය අද සිටින තැන ඔබතුමාට හෝ රටට හෝ රහසක් නොවේ. දේශපාලන කෙළිබිමෙහි ජයකෙහෙළි නැංවූ අප පක්ෂය අද රුවල් කැඩුණු නෞකාවක් බඳු අන්ත අසරණ තත්ත්වයකට පත්ව තිබේ. 2015 වසරේ මුල භාගයේ දී පමණ මා ඔබතුමන් වෙත ලිපියක් මඟින් ලියා දැනුවත් කරන්නට උත්සාහ කළ එම කරුණ අද අපගේ දෙනෙත් ඉදිරියේම සැබෑවක් වී තිබේ.

අප ආදරණීය පක්ෂය මෙම අභාග්‍ය සම්පන්න ඉරණමට ලක්වන බව මා එදා ලිපියක් මඟින් ලියා එවූ අවස්ථාවේ දී එය පොඩි එකාගේ ලියුමක් යැයි අවඥාවෙන් බැහැර කළ ඔබතුමාත් ඊට සමච්චල් කළ පක්ෂයේ එවකට හිටපු මාධ්‍ය ප්‍රකාශකවරයාත් ගැන සානුකම්පිතව බලනු හැර අපට කළ හැකි වෙනකක් නොමැත. එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක ශ්‍රීමතාණන් දිවිපුදා රටට දායාද කළ, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ලෙයින්, කඳුලින් පෝෂණය කළ, චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය සහ මහින්ද රාජපක්ෂ මැතිතුමන් විසින් ශක්තිමත් කළ අපගේ උදාර පක්ෂය අද මුහුණපා සිටින කණගාටුදායක ඉරණමට වගකිවයුත්තන් පිළිබඳ අනාගතය නමැති අධිකරණයේ දී විනිශ්චය කෙරෙනු ඇති නිසා ඒ සම්බන්ධයෙන් කිසිවක් නොකියමි.

2015 ජනවාරි මස 08 වැනි දා පැවැති ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධූරය අතහැර එක්සත් ජාතික පක්ෂය ඇතුළු ප්‍රතිවාදී බලවේග සමඟ එක්ව ජනාධිපතිවරණයට තරග කළ ඔබතුමා අතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධා‍නයේ ජනාධිපති අපේක්ෂකයා වූ මහින්ද රාජපක්ෂ මැතිතුමා පරාජයට පත් විය. නොඉවසිය හැකි පරාජයක් හමුවේ වුව ද ජනවාරි මස 09 වැනි දින ජනාධිපතිවරණය ප්‍රතිඵල සම්පූර්ණයෙන් ප්‍රකාශයට පත් කිරීමටත් ප්‍රථම ජනතා තීන්දුවට හිස නැමූ මහින්ද රාජපක්ෂ මැතිතුමා අරලියගහ මන්දිරයෙන් ඉවත් වී මැදමුලන සිය නිවෙස බලා ගියේ සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයකුගේ විනය සහ නිහතමානීත්වය ලොවටම ප්‍රදර්ශනය කරමිනි.

රාජපක්ෂ මැතිතුමාගේ නික්ම යාම ලක්ෂ 58ක් වූ අප පාක්ෂිකයන්ගේ නෙත් කඳුළින් තෙමුවත් කඳුළු පිසලා ආඩම්බරයෙන් හිස ඔසවා සිනාසෙන්නට අපට වරම් ලැබුණේ අපේ පක්ෂයේ නායකයාගේ එම ශ්‍රේෂ්ඨ ක්‍රියාව නිසාය. ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වුවත් මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ නායකත්වයෙන් විපක්ෂයට වී නැවත වරක් කඳවුරු බැඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස රටේ පාලන බලය ලබා ගැනීමට හැකිවෙතැයි ලක්ෂ 58ක් වූ ජනතාව අපේක්ෂා කළහ. එම අපේක්ෂාවන් හට දිරි ලැබුණේ ජයග්‍රාහී අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පොදු විපක්ෂයේ අපේක්ෂකයා වීම නිසාය. එසේම ජයග්‍රහණය කළ පසුව තමන් නිර්පාක්ෂිකව කටයුතු කරන බවට ජනාධිපතිවරණයට පෙරාතුරව ජනතාව හමුවේ ප්‍රකාශ කර තිබීම නිසාත් නිදහස් පාක්ෂිකයන් විශ්වාස කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එහි සභාපතිවරයා‍ වූ හිටපු ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ඉදිරි ගමන අරඹනු ඇති බවය.

එහෙත් ජනාධිපතිවරණයෙන් සතියක් ඉක්මෙන්නටත් පෙර ඔබතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ලබා ගැනීම සඳහා උනන්දු වන බව දැනගන්නට ලැබීම අප පාක්ෂිකයන් කිසිවිටෙකත් අපේක්ෂා නොකළ කරුණක් විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් උදුරා ගැනීම එම පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්දය ප්‍රකාශ කළ ලක්ෂ 58ක ඡන්දදායකයන්ට සිදු වූ ඵෙතිහාසික අසාධාරණයක් මම දකිමි. ජනාධිපතිවරණ දෙකකට ඉදිරිපත්ව පරාජයට පත්වුවත් රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය අහිමි නොවුණු අතර ජයග්‍රාහී අපේක්ෂකයා කිසිවිටෙකත් එ. ජා. පයේ නායකත්වය ඩැහැ ගැනීමට ද උත්සාහ කළේ නැත. මෙරට පමණක් නොව ලෝකයේම කිසිදු නායකයකු තමන්ට විරුද්ධව ඡන්දය දුන් පිරිසක් මැදට ගොස් නායකත්වය භාර ගැනීමට කටයුතු කර ඇතැයි මම නොසිතමි. ඔබතුමාට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ ලක්ෂ 58 ජනතාවක් මැදට ඔබතුමා තල්ලු කර දැමීම කාගේ වුවමනාවට සිදු වූ කුමන්ත්‍රණයක් ද යන්න ජනතාවට ර‍හසක් නොවෙතත් ඒ සම්බන්ධයෙන් නිවැරැදි කියවීමක් තවම ඔබතුමාගේ පාර්ශ්වයෙන් සිදුව නොමැති බව මම විශ්වාස කරමි.

හිටපු ජනාධිපතිවරයා තමන්ගේ ගැලවීම උදෙසා පක්ෂ නායකත්වය පිරිනැමූ බව ඔබතුමා සහ ඇතැම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන් වරින් වර ප්‍රකාශ කළ ද ලක්ෂ 58ක් වූ අප පාක්ෂිකයන් කිසිවිටෙකත් ඒවා විශ්වාස කරන්නේ නැත. එසේ විශ්වාස නොකරන්නේ ජනාධිපතිවරණය තෙක්ම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සෙවණෙහි සිට ඔබතුමා විවේචනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන් පිරිසක් ජයග්‍රහණයෙන් පසුව ඔබතුමා වෙත ගොස් විකල්ප මධ්‍යම කාරක සභාවක් කැඳවමින් පක්ෂයේ පාලන බලය ලබා ගැනීමට කටයුතු කළ ආකාරය රහසක් නොවන නිසාය. ඔබතුමාගේ පාර්ශ්වයෙන් එල්ල වූ පීඩනය හමුවේ පක්ෂය නොබෙදී රැක ගැනීම උදෙසා පක්ෂ නායකත්වය පරිත්‍යාග කිරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තීන්දු කළේය.

අවසානයේ දී අප පාක්ෂිකයන්ට සිදු වූයේ ජනාධිපතිවරණයේ දී තමන් ප්‍රතික්ෂේප කළ පුද්ගලයකුගේ නායකත්වය පිළිගැනීමටය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද මෙම අභාග්‍යසම්පන්න ඉරණමට මුහුණ දී සිටින්නේ තමන්ට ඡන්දය නොදුන් ලක්ෂ 58ක ජනතාව අතරට ගොස් නායකත්වය ලබා ගැනීමට ඔබතුමා කටයුතු කිරීම නිසා බව මාගේ විශ්වාසය වේ. 2015 ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්දය ප්‍රකාශ කළ සියලුදෙනා අදටත් තමන්ගේ නායකයා වශයෙන් පිළිගනු ලබන්නේ මහින්ද රාජපක්ෂ මහතා බව කිසිවකුටත් රහසක් නො‍වේ. එම පිරිස සැමවිටම සිටගන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා සිටගන්නා තැනය. තමන්ට අවනත නොවන පක්ෂ සංවිධායකවරුන්, මන්ත්‍රීවරුන් සහ පාක්ෂිකයන් මර්දනය කිරීම ඔබතුමා ගත් විවිධ පියවර නිසා එම තත්ත්වය තව තවත් වර්ධනය වූ බවට නිසැක සාක්ෂියක් බවට මැයි මස 01 වැනි දා පොදුජනයාගෙන් පිරුණු ගාලුමුවදොර පිටිය පත්විය.

මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ජනරැලිවලට ගලන ජනගඟ දිනෙන් දින ඉහළ යන්නේත් පළාත් පාලන මන්ත්‍රීවරුන්ගෙන් සියය 99ක් ම මහින්ද හැර වෙනත් නායකයකු පිළිනොගන්නා බව කියන්නේත් පළාත් සභා කිහිපයක බල තුලනය පිළිබඳ ගැටලු හටගෙන ඇත්තේත් 2015 ජනා‍ධිපතිවරණයේ දී අප පක්ෂය පරාජයට ඇද දැමූ ඔබතුමන් හට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයිතියක් නොමැති බවට ජනතාව විශ්වාස කරන නිසාය. එසේම පළාත් පාලන මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දමා පළාත් සභාවල බහුතර මතය පිළිනොගන්නා ලෙස ආණ්ඩුකාරුන්ට නියෝග කිරීමට සිදුව ඇත්තේත් ජනප්‍රිය සංවිධායකවරුන්ගේ සංවිධායකකම් ගලවා දැමීමෙන් නොනැවතී පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය උදුරා ගන්නා බවට තර්ජනය කරන්නට සිදුව ඇත්තේත් නොයෙකුත් බොරු චෝදනා එල්ල කර උසාවි ගාණේ රස්තියාදු කරවන්නේත් පක්ෂයේ බලය තහවුරු කර ගැනීමට ඔබතුමාට මේ වනතුරුම නොහැකි වූ නිසා බව පැහැදිලිය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ දිනෙන් දින වර්ධනය වන මහින්ද රැල්ල නිසා පක්ෂ නායකත්වය ඔබතුමාට කටු ඔටුන්නක් වී ඇති බව දැන් රටම පිළිගන්නා කරුණකි. එම නිසා අප කාරුණිකව ඉල්ලා සිටින්නේ තමන්ට අයිතියක් නොමැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය අතහැර දමා ජනාධිපතිවරණයේ දී පොරොන්දු වූ පරිදි ‍නිර්පාක්ෂිකව කටයුතු කරන ලෙසය. අද ඔබතුමාට කටු ඔටුන්නක් වී ඇති පක්ෂ නායකත්වය පාක්ෂිකයන්ගේ ආදරය, විශ්වාසය සහ ගෞරවය දිනා ගත් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ හිසට රන් ඔටුන්නක් වනු ඇත. අද ඔබතුමා ප්‍රතික්ෂේප කරන නිදහස් පාක්ෂිකයන් තමන් ආදරය කරන එම නායකයා කර මතින් ඔසවාගෙන ගොස් සුදුසු තැන තබනු ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නමැති ප්‍රෞඪ අතීතයක් සහිත අභිමානවත් පක්ෂය විනාශ කිරීමේ චෝදනාවෙන් ඔබතුමා ගැලවෙනු ඇත්තේ එවිටය.

තවදුරටත් කරුණු ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවත් මා නොදකින අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැටී ඇති ආගාධයෙන් බේරා ගැනීමේ අවස්ථාව පක්ෂයට සැබෑ ලෙසම ආදරය කරන පිරිස අතට පත් කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්ය ඔබතුමන් හට ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ජනාධිපති ව සිටි සමයේ ළඟින් සිටිමින් කේළාම් කිවු ඇතැම්හු මහින්ද රාජපක්ෂ මැතිතුමන් ජනාධිපති ධූරයට පත් වූ පසු එතුමා ළඟට වී කේලාම් කියමින් සිටියහ. මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් වීමෙන් අනතුරුව එතුමන් හැර දැමූ එම පිරිස ඔබතුමාට සමීප වී නොයෙක් ආකාරයේ ඉච්චා බස් මඟින් ඔබතුමන් නොමඟ යැවීමට උත්සාහ කරමින් සිටින ආකාරයක් අපට පෙනෙන්නට ඇති අතර රජතුමාගේ සිරුරේ වැසූ මැස්සා මැරීමට කඩුව එසවූ වඳුරා මෙන් වූ එවැනි උපදේශකයන්ගෙන් ලැබෙන ගුරුහරුකම් පිළිබඳ දෙවරක් සිතන ලෙසත් ගෞරවයෙන් යුක්තව ඉල්ලා සිටිමි.

දිර්ඝ කාලයක් පක්ෂයේ මහලේකම්වරයා ලෙස කටයුතු කළ ඔබතුමන්ගේ දෑතෙන් පක්ෂයේ ගෙල සිරකිරීම ලක්ෂ 58ක් වූ අපට ඡන්දය දුන් ජනතාවගේ ද ගෙල සිරකිරීමක් වෙතැයි මම විශ්වාස කරමි. එවන් අවාසනාවන්ත තත්ත්වයකට නොවැටී බුද්ධිමත්ව සිතා බලා අපගේ ආදරණීය පක්ෂය රැක ගැනීම වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්නැයි ගෞරවාදරයෙන් යුක්තව ඉල්ලා සිටිමි.

ස්තුතියි,
මෙයට,
සේවයට කැප වූ
ප්‍රසන්න රණතුංග (පා.ම.)

බංගලාදේශය ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව පසු කර යයි

මේ දිනවල අයර්ලන්තයේදී පැවැත්වෙන තුන්කොන් තරගාවලියේදී බංග්ලාදේශ කණ්ඩායම විසින් ඊයේ නවසීලන්ත කණ්ඩායම පරාජයට පත් කරන ලදී.

එම ජයග‍්‍රහණයක් සමගින් අන්තර්ජාතික ක‍්‍රි ශ්‍රේණිගත කිරීම්වලදී බංග්ලාදේශය විසින් ශ‍්‍රී ලංකාව පසු කර එක් පියවරක් ඉහලට පැමිණ ඇත.
ශ‍්‍රී ලංකාව නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්වල හත්වන ස්ථානයේ පසුවන අතර බංග්ලාදේශය දැන් පසුවන්නේ හයවන ස්ථානයේය.


ශෂී වීරවංශගේ නඩු භාණ්ඩ නැතිවෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශගේ නඩුවකට අදාලව නඩු භාණ්ඩ වශයෙන් අධිකරණ භාරයේ තිබූ ඇයගේ ජාතික හැඳුන්ම්පතක් සහ විදෙස් ගමන් බලපත්‍ර‍යක් අස්ථාන ගතව ඇතැයි වාර්තා වනවා.

වීරවංශ බිරිදගේ පාස්පෝර්ට් සහ අයි ඩී සොයන්න නීතිපති විමර්ශනයක් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශයේ බිරිද වන ශෂී වීරවංශගේ විදේශ ගමන් බලපත්‍රය සහ ජාතික හැදුනුම්පත නඩු භාණ්ඩ ලෙස අධිකරණය භාරයේ තිබියදී අස්ථානගත වීම සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස නීතිපතිවරයා අධිකරණයෙන් ඉල්ලා තිඛෙනවා.

නීතිපතිවරයා වෙනුවෙන් අදිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මෙම ඉල්ලීම කළ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පවසන්නේ.

කූට ලේඛණ ඉදිරිපත් කර අවිධිමත්ව විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ශෂී වීරවංශ චෝදනා ලබා සිටිනවා.

ඇයගේ විදේශ ගමන් බලපත්‍රය සහ ජාතික හැදුනුම්පත අධිකරණය භාරයට ගැණුනේ ද ඒ අනූවයි.

මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කෙරෙනවා.

මවක්, දරුවා සමඟ ලක්ෂපාන ඇල්ලට පනී

මවක් සිය දරුවාද සමඟින් ලක්ෂපාන දිය ඇල්ලෙන් පහලට පැන තිබෙනවා.

වයස මාස දෙකහාමාරක් වන දරුවෙකු සමඟ මේ මව දිය ඇල්ලට පැන ඇති බවයි දැනට වාර්තා වන්නේ.
දරුවාගේ සිරුර මේ වනවිට සොයාගෙන තිබෙනවා.

මේ ඛේදවාචකයට හේතුව තවමත් අනාවරණය වී නැහැ.

මංගලගෙන් රවීට කිස් kiss එකක්

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා නව විදේශ කටයුතු
අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවී ඔහුගේ නව අමාත්‍ය ධුරයට සුභපතා තිබේ.

සමරවීර මහතා මෙසේ සුභපතා ඇත්තේ කරුණානායක මහතා අදාල ධුරයේ අද (25 දා) වැඩ භාර ගැනීමෙන් පසුවය.
එසේ සුභපතන අවස්ථාවේ කරුණානායක මහතා පවසා ඇත්තේ මේ පිළිබද තමා කිසිදු අමනාපයක් නොමැති බවත් පසුගිය කාලයේ තමාව විවේචනය කරනු ලැබුවේ වෙනත් කණ්ඩායමක් විසින් බවත්ය.

පළාත් සභාවලටත් හවුල් පාලනයක්

පළාත් සභා මැතිවරණයෙන් පසුව පළාත් සභා සඳහාත් ජාතික ආණ්ඩු සංකල්පය ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රීලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධ වීමට එකඟතාවකට පැමිණ ඇති බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එමෙන්ම මේ හවුල් පාලනය එළඹෙන පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව ප්‍රාදේශීය සභා,නගර සභා,මහ නගර සභා යනාදී වූ පළාත් පාලන ආයතන සඳහාද අනුගමනය කිරීමට යහපාලන ආණ්ඩුවේ නායකයෝ එකඟවී ඇති බවද වාර්තාවේ.
ඒ අනුව ඉදිරියේදී පැවැත්වෙන පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණවලදී පක්ෂ දෙක වෙන වෙනම තරග කිරීමට තීරණය කර ඇති අතර මැතිවරණවලින් අනතුරුව එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රීලංකා නිදහස් පක්ෂය එක්ව පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල  පාලනය ගෙනයාමට පක්ෂ දෙකෙහි නායකයන් අතර එකඟතාවකට පැමිණ තිබේ.

මහඇමති ධුරය ?

මේ අනුව අදාළ පළාත් සභා තුළ මැතිවරණයෙන් වැඩිම මන්ත්‍රී ආසන දිනාගන්නා පක්ෂයට මහඇමති ධුරය සහ ඇමති ධුර දෙකක්ද අනිත් පක්ෂයට ඇමති ධුර දෙකක්ද ලැබෙන පරිදි පළාත් සභා බලය හුවමාරු කරගැනීමට මෙහිදී පක්ෂ දෙක එකඟතාවකට පැමිණ ඇත.

පළාත් පාලන මැතිවරණයෙන් අදාළ පළාත් පාලන ආයතන සඳහා වැඩිම මන්ත්‍රීධුර ලබාගන්නා පක්ෂයට නගරාධිපති ධුරය හෝ සභාපතික්වය ලබාදීමටත් අනිකුත් පක්ෂයට උපසභාපති ධුරය හෝ උපනගරාධිපතිධුරය ලබාදීමටත් මෙහිදී පක්ෂය නායකයන් සාකච්ඡාකර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ, ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයන් අතර පැවති හමුවකදී මෙම තීරණයට එළඹ ඇති අතර මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමටද එහීදී තීරණය කර ඇත.

ඒකාබද්ධය පොහොට්ටුවෙන් !

මේ අතර පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ 'පොහොට්ටුව' ලකුණින් තරග වැදීමට ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් පක්ෂ එකඟතාවකට පැමිණ තිබේ.

එහෙත් ඒකාබද්ධය නියෝජනය කරන ශ්‍රීලනිප ඇතැම් මන්ත්‍රීවරුන් ඊට දැඩි ලෙස විරෝධය පළකර ඇත.

(මූලාශ්‍රය -අද)

වැල්ලවත්ත ගොඩනැගිල්ලට අවසරදුන් අයට වැඩ වරදී

ඉකුත් සතියේ වැල්ලවත්ත සැවොයි සිනමාහල අසල කඩා වැටුණු ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සඳහා නීති විරෝධී ලෙස ඉඩ ලබා දුන් සියලුම නිලධාරීන්ට එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බව මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මහතා ඇමති මණ්ඩලයට දැනුම් දී තිබේ.

මේ සම්බන්ධයෙන් දැනටමත් විධිමත් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවද ඇමතිවරයා ප්‍රකාශ කර සිටියි.
වැල්ලවත්තේ කඩා වැටුණු මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සඳහා නීති්‍යානුකූලව අවසර ලබාගෙන නොමැති බවද මෙම පරීක්ෂණවලින් හෙළිවී ඇත.

ඉදිරියේදී මෙවැනි සිදුවීම් සිදු නොවන්නට කටයුතු කරන ලෙසත් ඇමතිවරයා අදාළ බලධාරීන්ට උපදෙස් දී තිබේ.

මහින්දානන්දට ඇප

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පනවා ඇති නඩුවේ අධි චෝදනා භාරදීම අද(25දා) කොළඹ මහාධිකරණයේදී සිදුව තිබේ.

 ඉපයූ ආකාරය හෙළි කළ නොහැකි රුපියල් මිලියන 27ක් යොදවා බොරැල්ල කිංසි පාරේ නිවසක් මිලට ගැනීමෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ වරදක් සිදු කළ බවට මහින්දානන්ද අලුත්ගමගේ මහතාට චෝදනා එල්ල වී ඇත.
අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ අද කැඳවූ අවස්ථාවේ කරුණු සලකා බැලූ අතර එහිදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇප මත මුදාහැරීමට විනිසුරුවරයා තීරණය කළේය.

රුපියල් ලක්ෂ දෙකක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 05 බැගින් වන ශරීර ඇප දෙකක් මත විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ මහතා මුදාහැරීමට මහාධිකරණ විනිසුරුවරයා  නියෝග කළේය.

 නඩුව විභාගයට ගැනීමට දින නියම කිරීම සඳහා  ජූලි 10 වන දාට කල් දැමුණි.

රූපවාහිනී අධ්‍යක්ෂ මණ්ඩලයත් ඉවත් වෙයි !

ජාතික රූපවාහිනියේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත්ව ඇති බව වාර්තා වේ.

මීට අමතරව ලේක් හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂකවරයාව සිටි සමන් වගාරච්චි මහතා ද සිය අස්වීම් ලිපිය භාර දී ඇතැයි වාර්තාවේ.
ඔහු මේ බව සිය ෆේස්බුක් පිටුවෙහිද සඳහන් කර තිබේ.

රත්නපුරේ ’’හොර පොලිසියක්’’

රත්නපුර නගරය සහ අවට නිවාස සහ වෙළඳ සැල්වලට කඩා වැදී තමන් පොලිස් නිළධාරීන් බව කියා කාලයක් තිස්සේ කොල්ලකම්වල නිරත වූ 4දෙනෙකුගෙන් යුත් කල්ලියක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සොරකම් කළ ජංගම දුරකථන 66ක් ද ඔවුන් සතුව තිබුනා.

විටෙක උප පොලිස් පරීක්‍ෂකවරුන් ලෙසත් තවත් විටෙක පොලිස් සැරයන් සහ කොස්තාපල්වරුන් ලෙසත් මෙම කල්ලිය පෙනී සිට තිබෙනවා.
රත්නපුරයේ ම අවට පදිංචිකරුවන් වන මොවුන් රත්නපුර ප්‍රධාන මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුනා.

සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිදිරිපත් කිරීමට ද නියමිතයි

කෝවිලක පූජාවකදී ඊලාම් සිතියමක් ඔසවලා

යාපනය, කෝපායි, තිරුනෙල්වේලි, කාලි අම්මා කෝවිලේ සිදු කෙරෙන වාර්ෂික දේව මංගල්‍ය අතුරතුර පුද්ගලයෙකු විසින් යුද සමයේදී කොටි සංවිධානය භාවිතා කරන ලද ඊලාම් සිතියමට සමාන සිතියමක් ඇඳ පෙරේදා  (23) සවස ප්‍රදර්ශනය කරමින් ගොස් ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බව යාපනය පොලීසිය කියා සිටිනවා.

කාලි අම්මා කෝවිලේ වාර්ෂික දේව මංගල්‍ය සිදු කෙරෙන අවස්ථාවේදී කාලි අම්මා දේව රූපය වීදි සංචාරය කරන අතරතුර දී කාලි අම්මා දේව රූපයට පසු පසින් අදාල ඊලාම් සිතියම සහිත පුද්ගලයෙකු ගමන් කොට ඇති බවටයි තොරතුරු වාර්තා වී ඇත්තේ.
පසුව යාපනය පොලිස් බුද්ධි අංශ විසින් අදාල පුද්ගලයා පොලීසිට රැගෙනවිත් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරන බවටද යාපනය පොලීසිය වැඩිදුරටත් කියා සිටියා.

වීදුරු ගෙවල්වල ඉඳන් ගල් ගහන්න එපා!

කම්කරුවා යන වචනය දැන් භාවිතාවට නොගැණෙන බවත් කම්කරුවා යනු අන් කිසිවකු හෝ නොව, නිපුණ ශ්‍රමිකයා බවත් පෙන්වා දුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිපුණ ශ්‍රමිකයන්ගේ හඬට දේශපාලන පක්ෂ හැම විටම යටත් විය යුතු බව පවසයි.

මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේදී අද (1 වැනිදා) පැවැති ශ්‍රීලනිප-එජනිස මැයි දින රැළියට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

“වැඩ කරන ජනතාවගේ හඬත් සමග හැම විටම ආණ්ඩුවක් කටයුතු කළ යුතුයි. ඒ බව ශ්‍රීලනිපය පැහැදිලිව පෙන්නුම් කර තිබෙනවා“  යයි  පෙන්වා දුන් ශ්‍රීලනිප නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉතා දීර්ඝ වශයෙන් අදහස් දක්වමින් මෙසේද කීවේය.

“මේ පෙළ පාළිය පටන් ගත්තේ පාරවල් දෙකකින් පස්වරු 1.00 ට. ඒ මීට කිලෝමීටර 6 කට එහා. කිලෝමීටර හයේ පෙළ පාළි අවසන් කරන්න පැය හයකට වඩා වැඩි වෙලාවක් ගත වුණා. ශ්‍රීලනිපයේ බලවේගය මේකයි.“

“මේ බලවේගය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහෝදර දේශපාලන පක්ෂවල බලවේගයයි. මේ බලවේගය මේ රටේ වැඩකරන ජනතාවගේ කම්කරු පන්තියේ බලවේගයයි. මේ බලවේගය මේ රටේ වාම ප්‍රගතිශීලී ව්‍යාපාරයේ බලවේගයයි.  

“මේ රැළිය පටන් ගන්නකොට මහා වැස්සක් ඇද හැළුණා. මෙතන කථිකයන් කිව්වා අයහපත් කාලගුණය කියලා. වහිනකොට කොහොමද අයහපත් කාලගුණයක් වෙන්නේ.මහනුවරට පෑව්වා. අපි ආවම වැස්සා.මම සතුටු වෙනවා“

“වැස්ස නැත්නම් අපි ගියාම වහිනවා.. ගිය අවුරුද්දේ ගාල්ලට මහා නියඟයක් තිබ්බා. අපි මැයි දිනය පැවැත්වුවා. ගාල්ලට වැස්සා.ලබන අවුරුද්දෙත් ලංකාවේ කොහෙද නියඟය, අපි හොයාගෙන ගිහින් වස්සනවා කියා මං කියන්න ඕනෑ“

“කම්කරුවා කියන වචනය දැන් භාවිත වෙන්නේ නෑ.  කම්කරුවා කියා හැඳින්වූ යුගය අවසන් වුණා. අද නිපුණ ශ්‍රමිකයා කියන වචනයයි භාවිතා කරන්නේ. ලෝකයේ නව තාක්ෂණයත් සමග රටක් දියුණු කිරීමේදී ඒ රටේ ප්‍රධාන ප්‍රාග්ධනය බවට පත්ව ඇත්තේ දැනුම බුද්ධිය හැකියාව කුසලකාවය නිර්මාණශීලීභාවය සහ නිපුණ ශ්‍රමික පුහුණවයි. අපේ රට ඉදිරියට ගෙනියන්න ඒ කිසිම දේක අඩුවක් නෑ. ඒ නිසා අපි සැම විටම අපේ රට දියුණු කරන්න ඔබ අප සියලු දෙනා එක්ව ඉදිරියට යා යුතුයි“

“නිපුන ශ්‍රමිකයන්ගේ හඬට දේශපාලන පක්ෂ හැම විටම යටත් විය යුතුයි. වැඩ කරන ජනතාවගේ හඬත් සමග හැම විටම ආණ්ඩුවක් කටයුතු කළ යුතුයි. ඒ බව ශ්‍රීලනිපය පැහැදිලිව පෙන්නුම් කර තිබෙනවා“

“අපිට අද තිබෙන අභියෝග මොනවාද? ඒ අභියෝග ජයග්‍රහණය කළ හැක්කේ කෙසේද? දෙමාපියනි දරුවනි, අතීතයේ සුන්දරත්වය කතා කරමින් සිටීම ඵළක් නෑ. අනාගත සිහින මාලිගා කතා කිරීම වැඩක් නෑ. හෙට දවසේ කාර්ය භාරය අද දවසේ කළ යුතුයි“

“රටක් ගොඩ නඟන්න හැම විටම මූලික විය යුත්තේ ස්වදේශීය චින්තනයෙන් යුත් ජාතිකත්වය මුල් කර ගත් චින්තනයක් බව මා පිළිගන්නවා. අද ලෝකයේ ජාත්‍යන්තර වාදය කියන එක කෙමෙන් කෙමෙන් පහවෙමින් යනවා. ලෝකගේ ප්‍රබල රජ්‍යයන් අනෙකුත් රාජ්‍යයන්ට අත පෙවීම් ඉවත් කරමින් යනවා. සියලු රජ්‍යයන් ස්වදේශිකවාදී චින්තනයත් ජාතිකත්වයත් මුල්කරගනිමින් තමන්ගේ රට ගොඩ නැගීමට මුල් තැන දෙමින් යනවා. අද අපට ලෝකයේ කිසිම රටකින් බලපෑමක් නෑ. ඒ ජයග්‍රහණය ලැබුණේ 2015 ජනවාරි අට ජයග්‍රහණයෙන් පසුව බව කිව යුතුයි“

“මම බොහොම පැහැදිලිව කියනවා අද අපි කිසිම කෙනෙකුට වගඋත්තරකරුවෙක් නොවෙයි. විත්තිකරුවෙක් නොවෙයි. අපි නිදහස් රටක් විදියට ඉස්සරහට යන්න කිසිඳු බාධාවක් නෑ“

“ඔබෙත් මගෙත් මාතෘභූමිය ගොඩනගන්න ශ්‍රීලනිපය ශක්තිමත් කරන්න. අපි ජාතික සංහිඳියාව සමඟිය ශක්තිමත් කරමින් ඔබෙත් මගෙත් මාතෘභූමිය ගොඩනගන්න අවංක සිතින් එකතු විය යුතුයි. මම ශ්‍රීලනිපය ප්‍රජාතන්ත්‍රවාදී කර තිබෙනවා. ශ්‍රීලනිපයේ මධ්‍යමකාරක සභාව ප්‍රජාතන්ත්‍රවාදී කර තිබෙනවා“

“එකල ආණ්ඩු පක්ෂය රැස්වුණාම නිදහසේ තමන්ගේ හඬ මතුවුණාද කියා මං අහනවා. අද ශ්‍රීලනිපය විවෘතයි“

“අද නිදහස් අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. ස්වයං විවේචනය කරන්න පුළුවන්. ඉස්සරහට යන්න පුළුවන්. මගේ පවුලේ කෙනකුට පුටුවක් හදන්න මම මෙතනට ඇවිත් නෑ. ශ්‍රීලනිපයේ තරුණ සංවිධානය අද නිදහසේ කටයුතු කරනවා. ශ්‍රීලනිප තරුණ සංවිධානයේ අද කුමාරවරු නෑ. තරුණ තරුණයන්ට එන්න පුළුවන්. තරුණ සංවිධානයේ විශාල දියුණුවක් ඇති වී තිබෙනවා. කාන්තා සංවිධානයේ ආර්යාවෝ නෑ. හැම කෙනකුටම වැඩ කරන්න පුළුවන්“

“අපට මේ රට ඉස්සරහට ගෙනියන්න අපි හැම කෙනෙක්ම වගකීම ඉෂ්ඨ කරන්න ඕනෑ. අපට තිබෙන අභියෝග දුගී බව, දුප්පත් කමින් අපි කොහෙමද නිදහස් වෙන්නේ?“

“දුගී බවෙන් නිදහස් වීමේ වර්ෂය ලෙස මේ වසර නම් කළා. කාලගුණික දේශගුණික බාධාවන් තිබෙනවා. රජයක් ලෙස තිරසර සංවර්ධනය මුල් කරගෙන දුගී බව තුරන් කරන්න සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. ඔබෙත් මගෙන් මාතෘභූමිය ලෝකයේ ශක්තිමත් ප්‍රබුද්ධ රාජ්‍යක් ලෙස ඉදිරියට යන්න අපි සෑම කෙනෙක්ම කැප වෙන්න ඕනෑ. මේ රටේ තිබෙන ප්‍රශ්න තේරුම් ගන්න ඕනෑ. සියලු ජන කොටස් අතරේ සමගිය සංහිඳියාව ඇති වන්න ඕනෑ. අනිත් ජාතිය අමතර කර රට සමෘද්ධිමත් රාජ්‍යක් ලෙස ඉදිරියට යන්න බැහැ.“

“බලය සඳහා ජාතිවාදී දේශපාලන පක්ෂ හැදී අපි පරිහානියට ගියා. යුද්ධයක් ඇති වුණා. යුද්ධයෙන් අවුරුදු 30 කට ආසන්න වන වේදනා වින්දා.“

“අපේ රණවිරුවන්ට පින්සිද්ධ වෙන්න ඒ ම්ලේච්ඡ යුද්ධය අවසන් කර සාමය ඇති කර ගන්තා. ඒ සාමය යුදමය වශයෙන් එල්ටීටීඊ පරාජය කිරීමයි. නැවත මේ රටේ යුද්ධයක්  ඇති නොවන්න රට ඉස්සරහට යන්න යථාර්ථවාදී ලෙස ස්ථිර ලෙස සාමකාමී වෙන්න ජාතික සංහිඳියාව ශක්තිමත් විය යුතුයි. සියලු ජන කොටස් අත්වැල් බැඳගෙන සැකෙන් බියෙන් තොරව ජීවත් වෙන සමාජයක් ගොඩ නැගිය යුතුයි“

“මේ කාලයේ ජාත්‍යන්තර ගිවිසුම් ගැන විවිධ චෝදනා තිබෙනවා. රට කඩනවා, පාවා දෙනවා, බුද්ධාගම නැති කරනවා කියනවා“

“මම පැහැදිලිව කියනවා ශ්‍රීලනිප සභාපතිවරයා ලෙස තමුන්නාන්සෙලා මා කෙරෙහි විශ්වාසයක් තිබ්බා. පොදු අපේකෂකයා ලෙස මා ගැන විශ්වාසයක් තිබ්බා. මම මේ පුටුවට ආවේ ඒ කියන එකක්වත් කරන්න නෙමෙයි. මේ රටේ ස්ථිර සාමයක් ඇති කර දේශීය අනන්‍යතාවය, ස්වදේශිකත්වය රැකගෙන ආර්ථික සමෘද්ධියක් ඇතිව ලෝකයේ ප්‍රබුද්ධ රජ්‍යක් ලෙස මාතෘභූමිය ඉදිරියට ගෙන යන්නයි. අපිට චෝදනා කරන අයට එක දෙයක් කියන්න ඕනෑ. දොන් ජුවන් ධර්මපාලගෙන් පසු මේ රටේ කොටසක් දීම ගැන අතීතයට එක් වුණේ චීනයට ෆෝට්සිටියේ ඉඩම් දීමයි. අපි ජයග්‍රහණය කළාට පසු චීනය සමග සාකච්ඡා කර සින්නක්කර දීම නැවැත්තුවා. අපට නොගැලපෙන දේ ඉවත් කළා. මම පැහැදිලිව කියනවා වීදුරු ගෙවල්වල ඉඳන් ගල් ගහන්න ලෑස්ති වෙන්න එපා“

ශ්‍රීලනිප සභාපතිකම මම බලෙන් බාරගත්තේ නෑ. හිටපු සභාපති හිටපු ජනාධිපති මට එන්න කියා කතා කර බොහොම සුහදශීලී ලෙස සභාපතිකම බාර දුන්නා. ශ්‍රීලනිප සභාපතිකම බලෙන් ගන්න පුළුවන්ද? ඒ සියලු දෙනාගේ ආශිර්වාදයෙන් සුහදශීලීව බාර ගත්තා. පක්ෂයේ ඉදිරි ගමන වලක්වන්න කුමන්ත්‍රණ කළත් මම ඒ හැමෝටම කියනවා පරාජිත ශ්‍රීලනිපය ශක්තිමත්ව ඉදිරියට අරගෙන ඇවිත් පෙන්වා තිබෙනවා. පක්ෂයට ආදරය කරන සියලු දෙනාට මගේ ස්තුතිය පුද කරනවා.

අපි පක්ෂයෙන් කාටවත් යන්න කියා නෑ. පක්ෂයට කාටවත් එන්න එපා කියලත් නෑ. අපි ආසන සංවිධායකවරුන් පත් කළා. සංවිධායකවරුන් ඉවත් කිරීම පක්ෂය දෙකට කැඩීමක් බව කිව්වා. මේක කියන්නේ අලුත් දේශපාලන පක්ෂයක් පිහිටුවාගෙන පක්ෂයට නොයෙකුත් අකුල් හෙළමින් සිටින අයටයි.

“කාන්තාවන්ට දින 84ක ප්‍රසූත නිවාඩු දීමේ තීන්දුවක් අරගනෙ තිබෙනවා. ඒ දින 84 දෙන්නේ සෙනසුරාදා ඉරිදා, පෝය ඇතුළු ඇතුළු අනිකුත් නිවාඩු අත් හැරලයි. එය විශිෂ්ඨ ජයග්‍රහණයක්“

“ඔබ අද දැඩි ලෙස අව්වට වේලුණා. ඔබ අද දැඩි ලෙස වැස්සට තෙමුණා. ඒ ඔබේ  රට වෙනුවෙන්  තිබෙන කැපකිරීම, පක්ෂය වෙනුවෙන් කැපකිරීම පෙන්නුම් කිරීමක්. ඔබේ ඒ කැපකිරීම ශ්‍රීලනිපයේ අනාගත ජයග්‍රහණයක් වෙනුවෙන්. ශ්‍රීලනිප ඉතිහාසයකට වැඩිම පිරිසක් උතුරෙන් ආවේ මෙවරයි. මුලු රට වශයෙන් ගත්තම විශාල පිබිදීමක් එක්ක මේ බිම පිරී ඉතිරී ගියා“ යයි කී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා....  

“මේ රටේ ප්‍රගතිශීලී වාමාංහික ව්‍යාපාරයට ජය වේවා“ යයි කියමින් සිය කතාව අවසන් කළේය.

මේක වෙන්දේසි හා බන්දේසි ආණ්ඩුවක් - ආණ්ඩුව ගෙදර යවන්න සූදානම්

මේ පවතින්නේ වෙන්දේසි හා බන්දේසි ආණ්ඩුවක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ආණ්ඩුව මේවන විට ජාතික සම්පත් විකුණමින් සිටින බවත්, හම්බන්තොට වරාය සමග අක්කර 15,000ක් චීනයට ලබාදීමටත්, මාදුරු ඔය ප්‍රදේශයේ ඉඩම් ලබාදීමටත්, ත්‍රීකුණාමලය වරායත් විකිණීමට සියල්ල සූදානම් කර ඇති බව රාජපක්ෂ මහතා කියා සිටියේ අද (01) ගාලුමුවදොර පිටියේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැළියට එක්වෙමිනි.

අනෙක් අතට රට කැබලි කොට බන්දේසියක තබා විදේශ අධිරාජ්‍යවාදීන්ගේ වුවමනාවට ලබාදෙමින් සිටින බව ඔහු පෙන්වා දුන්නේය.

ජනතාවගෙන් කොටසක් එදා රැවටුණද, යළිත් රැවටෙන්නට සූදානම් නැති බවත්, ජාතික සම්පත් රැක ගැනීමට ජාතික ප්‍රතිපත්තියක් මත පිහිටුවන ශක්තිමත් නොනවතින අරගලයක් බවට පත් කළ යුතුයි

මේ ආණ්ඩුව ගෙදර යවන වැඩපිළි‍වෙළ ආරම්භ කරන භූමිය ගාලුමුවදොර පිටිය බවත්, එය කිසිසේත්ම නැවැත්විය නොහැකි බවත් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

ගාලුමුවදොර පිටිය පුරවන්නට ජනතාව එක්රැස් කර පෙන්වන්නැයි ආණ්ඩුව විසින් අභියෝගයක් කළ බවත්, ඒ නිසාම ඒ අයටත් දෙන්නට අභියෝගයක් පවත්නා බවත්, හැකිනම් පළාත් පාලන හා පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

පැවති තමාගේ ආණ්ඩුව පෙරළන්නට ඇ.ඩොලර් 660ක් වියදම් කළ බව මේවන විට හෙළිදරව් වී ඇති බවත්, ඇතැමුන්ට ඒ වෙනුවෙන් සල්ලි ලබාදී ඇත්තේ වැසිකිළිවලදී බව එක් ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙකු වරෙක පවසා තිබුණු බවත් ඔහු සිහිපත් කළේය.

තමාගේ  කාලයේ ත්‍රිවිධ හමුදාව යොදාගනු ලැබුවේ ත්‍රස්තවාදය තුරන් කොට රටට සාමය උදාකිරීමට බවත්, මේ ආණ්ඩුව ත්‍රිවිධ හමුදාව යොදා ගන්නේ ජනතාව ඉල්ලීම් ඉල්ලා පාරට බසිනවිට මර්දනය කිරීමට බවත් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

පසුගිය කාලයේ ගනු ලැබූ ණය නිසා රටේ ජනතාවට පීඩා විඳින්නට සිදුව ඇති බවට චෝදනා කරනු ලැබුවත්, ජනතාව දුක් විඳින්නේ උන් ගත්තු ණය නිසා හා බැංකු කොල්ලකරුවන් නිසා බව ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් එයාලට පිනුම් ගහන්නට ලැබුණේ මේ රට නිදහස් කරගත්තු නිසා බව අමතක නොකළ යුතු බවත්, මෙම පූට්ටු ආණ්ඩුවේ ලැග සිටින අයටත් කියන්නට ඇත්තේ මේ අරගලයට එකතුවන ලෙස බවත් රාජපක්ෂ මහතා කියා සිටියේය.

කුණු කන්දක් කඩා වැටීමෙන් මිනිසුන් ජීවිතක්ෂයට පත්වූ බවට ලෝකයේ කිසිදු රටකින් වාර්තාවී නැති බවත්, අවාසනාවකට එය මෙරටින් වාර්තාවූ බවත්, කුණු ටිකක් වත් ඉවත් කරගන්නට බැරි ආණ්ඩුවක් තමාට අභියෝග කිරීම විහිළු සහගත බවත් ඔහු සඳහන් කළේය.

මේක ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන මැයි දිනයක් බවත්, වෙන්දේසිකාර, නාස්තිකාර ආණ්ඩුවේ අවසානය තීන්දු කරන හා රට වනසන හොර නඩය පන්නා අලුත් ආණ්ඩුවකට පාර කපන මැයි දිනයක් බවත් හිටපු ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

LTTEට මිලියන 2ක් දුන් අය ජීවිතාන්තය දක්වා සිරගත කළ යුතුයි

වසර 2005 මැතිවරණය ජයගැනීමේ අරමුණ ඇතිව මහින්ද රජපක්ෂ මහතා L.T.T.E.ට මිලියන 2 ක් දුන් බවත්, මේ නිසා රාජපක්ෂ මහතා ජීවිතාන්තය දක්වා සිරගත කළ යුතු බවත් අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ෆොන්සේකා මහතා මේ බව පැවසුවේ බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළියේදී අදහස් දක්වමිනි.

වසර 2005 දී මහින්ද රාජපක්ෂ මහතා බලයට පැමිණෙද්දී මීතොටමුල්ල කුණු කන්දේ උස මීටර් 15 ක් වූ බවත් එය වත්මන් රජයට බාරදෙනවිට එහි උස මීටර් 45 ක් වූ බවත් ෆොන්සේකා මහතා කියා සිටියේය.

 වත්මන් රජය සමයේ මීතොටමුල්ල කුණු කන්දේ උස වැඩි වූයේ මීටර් 3කින් පමණක් බවද ඒ මහතා කීවේය.

මීතොටමුල්ල කුණු කන්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාගේ කරුමයක් බවත්, එය දැන් වත්මන් රජය පිට පැටවීමට කටයුතු නොකරන ලෙස ඉල්ලා සිටින බවත් ඒ මහතා මැයි දින රැළියේදී කීවේය.

ගැටඹේ රැළිය ගැට ඇබයක් තරම්වත් වටින්නේ නෑ

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැටඹේ රැළියක් පවත්වන බවත් එය ගැට ඇබයක් තරම්වත් නොවටිනා බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

කොළඹ බී.ආර්.සී. පිටියේ පැවැත්වෙන ජවිපෙ මැයි රැළිය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“කවුරු හරි අතුරු සිදුව නැතිව පිරෙනවා කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් බී.ආර්.සී. පිටිය පිරී තිබෙන ආකාරයට බව කියන්න පුළුවන්. බොහෝ අය ඉඩ නැතිව හයිලෙවල් පාරේ ඉන්නවා. ප්‍රධාන පක්ෂ දෙක අවුරුදු 70ක් රට පාලනය කරලා ජනතාවට මොනවද දුන්නේ.“

ජනතාවත් රටත් ආපස්සට ගෙන ගියා. රට නිහීන රාජ්‍යක් , දුප්පත්, හිඟන රටක් බවට පත්කළා. ජනතා පාලනයකින් රට ඉදිරියට ගෙන යා යුතුයි. අපේ රට දැවැන්ත ණය කන්දක පාලකයෝ හිර කළා. 1985දී රටේ ණය බර කෝටි 1300යි. 2014දී බිලියන 7391යි. 2017දී එම අගය බිලියන 10500යි. “ යනුවෙන් ඒ මහතා පැවසීය.